එල්.පී.එල්. තරගාවලිය සඳහා මෙරටට පැමිණි ක්රීඩකයන් තිදෙනකුට කොවිඩ් වැලඳී තිබියදීත් කොළඹ පෞද්ගලික රෝහලක් ඔවුන්ට රහසේ ප්රතිකාර ලබාදෙමින් සිටියදී ඊයේ (22 වැනිදා) සොයාගෙන ඇත. ඒ පිළිබඳ සොයාගන්නා අවස්ථාව වනවිටත් කොවිඩ් ආසාදනය වූ ක්රීඩකයන් තිදෙනා දින දෙකක් පෞද්ගලික රෝහල් කාර්ය මණ්ඩලය විසින් හෝටලයේම රඳවාගෙන ප්රතිකාර කර ඇතැයි හෙළිවිය. මෙම පිරිසට පකිස්තාන් ක්රීඩකයකු, ඉන්දියන් ක්රීඩකයකු හා ඉන්දියානු තාක්ෂණික නිලධාරියකු අයත්ව ඇත.
previous post