Covid 19

බන්ධනාගාර ආශ්‍රිත කොවිඩ් ආසාදිතයින් ගණන ඉහළට

බන්ධනාගාර ආශ්‍රිතව මේ වන විට කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 617 දෙනෙකු හඳුනාගෙන තිබේ.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඊයේ (20) දිනයේ කුරුවිට බන්ධනාගාරයෙන් නව ආසාදිතයින්15 දෙනෙකු හඳුනාගෙන ඇති බවය.

ඔවුන්ගෙන් 13 දෙනෙකු කාන්තා රැඳවියන් වන අතර දෙදෙනෙකු නිලධාරිනියන් බව සඳහන් වේ.

ඔවුන් මේ වන විට ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මේ වන විට හඳුනාගෙන ඇති කොවිඩ් ආසාදිතයින්ගෙන් 578 දෙනෙකු රැඳවියන් වන අතර අනෙක් 39 දෙනා නිලධාරීන් වේ.

Related posts

කොවිඩ් ආසාදිත දින 48ක බිළිදෙක් මිය යයි

colombotoday

STF නිලධාරීන් දස දෙනෙක්ට කොවිඩ්

colombotoday

ලොව පුරා සමස්ථ කොවිඩ් ආසාදිතයින් ගණන කෝටි 04 ඉක්මවයි

colombotoday

සුපිරි පාපන්දු ක්‍රීඩක රොනල්ඩීනියෝටත් කොවිඩ් වැළදේ

colombotoday

කොරෝනා එන්නත අනිවාර්යයි. – නොගහන අය අල්ලන්න නව නීති

colombotoday

ආර්ජන්ටිනාවත් වසා දමයි

colombotoday