Colombo Today Local News

නිරෝධායන නීති කැඩූ 95 ක් අත්අඩංගුවට

නිරෝධායන නීති උල්ලංඝනය කළ 95දෙනෙකු අද (17)දින ඩ්‍රෝන කැමරා උපයෝගීකරගනිමින් කළ නිරීක්ෂණ ඔස්සේ ගුවන් හමුදාව විසින් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

කොටහේන, කෙසෙල්වත්ත, වත්තල සහ ජාඇල යන පොලිස් වසම්වල අද උදෑසන කළ මෙහෙයුම්වලදී මොවුන් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, කොටහේනෙන් 29දෙනෙකු, කෙසෙල්වත්තෙන් 21දෙනෙකු, වත්තලින් 19දෙනෙකු සහ ජාඇළින් 26දෙනෙකු වශයෙනි.

හුදෙකලා කර ඇති ප්‍රදේශවල නිරෝධායන නීති කඩන පිරිස සොයා, ඩ්‍රෝන කැමරා යොදාගනිමින් තවදුරටත් මෙම මෙහෙයුම් සිදුකරන බවද පොලිසිය කියයි.

Related posts

ජනපතිගෙන් කැකිල්ලේ තීන්දුවක්.. වාසිය සහෝදර සමාගමට !!

colombotoday

ඇමති අනුකමිටු වාර්තාව එයි.. IOC බේරා ඛණිජ තෙල් සංස්ථාව මත වරද පටවයි !

colombotoday

රට පුරා මහ වැසි… දිස්ත්‍රීක්ක 7ට නායයාමේ අනතුරු ඇඟවීම්

colombotoday

දෙමටගොඩ ඛනිජ තෙල් සංස්ථාවට ට්‍රක් රථ රියදුරන් පිරිසක් කඩා පනී

colombotoday

ශාන් විජයලාල් සජබයට එක් වෙයි

Admin

ඉන්දු ශ්‍රී ලංකා ගිවිසුම යටතේ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සියය ම ඉන්දියාව සතුයි

colombotoday