Covid 19

තඹුත්තේගම පොලිසියේ තවත් කොවිඩ් ආසාදිතයින් 36 හදුනා ගැනේ

තඹුත්තේගම,පහළගම පොලිස් අභ්‍යාස මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක්වෙමින් සිටි පොලිස් කොස්තාපල්වරු 35 දෙනෙකුට සහ එම පොලිස් අභ්‍යාස ආයතනයේ සේවය කරන පොලිස් කොස්තාපල් වරයෙකුට ඊයේ(15)දින සිදුකළ පිසිආර් පරික්ෂණයේදි කොරෝනා වෛරසය ආසාධිතව ඇති බව තහවුරු වූ බව අනුරාධපුර දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය තේජන සෝමතිලක මහතා පැවසිය.

බස්නාහිර පළාතේ පොලිස් ස්ථාන කිහිපයක සේවය කළ පොලිස් කොස්තාපල්වරැන් 115 දෙනෙකු නිරෝධායනය සදහා තඹුත්තේගම,පහළගම පොලිස් අභ්‍යාස මධ්‍යස්ථානයට යොමු කොට තිබුණි.

මෙම පොලිස් කොස්තාපල්වරැන් ගෙන් පනස් දෙනෙකුටම මේ වන විට කොරෝනා රෝගය වැළදි තිබේ.

ආසාධිතවු පොලිස් කොස්තාපල්වරු 36 දෙනාම ප්‍රතිකාර සදහා පුනානි පිහිටි වෛද්‍ය මධ්‍යස්ථානයට යොමු කළ බවද වෛද්‍ය තේජන සෝමතිලක මහතා පැවසිය.

Related posts

හොරණ බොඩිලයින් සේවකයින් 5000ක් නිරෝධායනයේ

colombotoday

කොරෝනා ආසාදිතයන් 526ක්

colombotoday

දෙවනි රැල්ලේ නව ආසාදිතයින් 350ක් වාර්තා වෙයි

colombotoday

මහනුවර ප්‍රථම කෝවිඩ් මරණය අද වාර්තා වෙයි

colombotoday

මෙරට ඉංග්‍රීසි පුවත්පතක මාද්‍යවේදියෙකුටත් කොරෝනා – පාර්ලිමේන්තුවටත් ගිහින්

colombotoday

තවත් කොවිඩ් ආසාදිතයින් 2,123ක්

colombotoday