Colombo Today Local News

රුපියල් මිලියන 63 ක කේරල ගංජා තොගයක් වෙත්තලකේනි මුහුදු සීමාවේදී අල්ලයි

යාපනය වෙත්තලකේනි මුහුදු සීමාවේදී නාවික හමුදාව විසින් සිදු කරන ලද සෝදිසි මෙහෙයුමකදී රුපියල් මිලියන 63 කට අධික වටිනා කේරල ගංජා කිලෝ 213 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබීය.

උතුරු නාවික විධානයට අයත් නිලධාරීන් පිරිසක් විසින් වෙත්තලකේනි මුහුදු තීරයේ දී සිදු කරන ලද සෝදිසි මෙහෙයුමකදී සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් නිරීක්ෂණය වීමෙන් පසුව අදාල යාත්‍රාව පරික්ෂා කිරීමේදී මෙම කේරල ගංජා තොගය හමු වී ඇති අතර එහිදී ගංජා බෑග් 8 ක් තුළ පාර් සල් 98 ක කේරල ගංජා තොගය අසුරා තිබුණි.

එහිදී ඩිංගි යාත්‍රාව හා යාත්‍රාවේ සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා නිලධාරීන් විසින් පියවර ගනු ලැබීය.

කේරල ගංජා තොගයන් ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් උතුරු මුහුදු තීරයට රැගෙන එමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට පත් වූ බවට නාවික හමුදාව පැවසීය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 36 ත් 41ත් පසුවන අතර ඔවුන් යාපනය උඩුතුරෙයි හා අලියාවරෙයි යන ප්‍රදේශයන්හි පදිංචි කරුවන්ය.

ඔවුන් හා කේරල ගංජා තොගය වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා පලෙයි පොලිස් ස්ථානය වෙතට බාර දීමට නාවික හමුදාව පියවර ගනු ලැබීය.

Related posts

රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහටත් කොවිඩ්

colombotoday

ශ්‍රී ලංකන් ගුවන් යානයක්, ගුවන් ගත වී විනාඩි 05කින් යළි බස්සයි

Admin

කෝටි 4ක කුඩු සමග පාකිස්ථාන ජෝඩුවක් කටුනායකදී අත්අඩංගුවට

colombotoday

තවත් ත්‍රස්ත ප්‍රහාරයක් ගැන අනතුරු ඇඟවූ පුද්ගලයෙකුගෙන් ප්‍රශ්න කරන බව අගමැති හෙළි කරයි

colombotoday

හෙරොයින් 15 g ක් සමග 58 හැවිරිදි කතක් අත්අඩංගුවට

colombotoday

රජය සතු සියලු වත්කම්වල වටිනාකම රුපියල් බිලියන 814 යි !

colombotoday