Covid 19

මිනුවන්ගොඩ පොකුර ආශ්‍රිතව PCR පරීක්ෂණ ලක්ෂ 2ක ඉක්මවයි

මිනුවන්ගොඩ කොරෝනා පොකුර ආශ්‍රිතව මේ වන විට සිදුකර ඇති පී.සී.ආර් පරීක්ෂණ ප්‍රමාණය ලක්ෂ 2 ඉක්මවා ගොස් තිබේ.

කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ, මේ වන විට පුද්ගලයින් 207,819 දෙනෙකු පී.සී.ආර් පරීක්ෂණයට භාජනය කරඇති බවය.

එම පරීක්ෂණවලින් 206,422 ක ප්‍රතිඵල මේ වන විට නිකුත් වී ඇති අතර එහිදි ආසාදිතයින් 7,582 කු හඳුනාගෙන තිබේ.

එම ආසාදිතයින් අතර මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්තශාලාවේ සේවකයින් සහ ආශ්‍රිතයින් 2,662ක් වන අතර පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳසැලේ සේවකයින් සහ ඔවුන්ගේ ආශ්‍රිතයින් 4,402ක් වන බව කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය
පැවසුවේය.

Related posts

දැනට නව ආසාදිතයින් 3,588ක්

colombotoday

තහවුරු කල තවත් කොවිඩ් මරණ 56ක්

colombotoday

තවත් කොවිඩ් ආසාදිතයින් 2,735ක්

colombotoday

මෙරට 15 වන කොරෝනා මරණය වාර්තා වේ

colombotoday

සහකාර ධීවර අධ්‍යක්ෂ කොවිඩ් ආසාදනය වී මිය යයි

colombotoday

කොරෝනා වයිරසය ආසාදිත බවට සැක 508ක් රත්නපුරෙන්

colombotoday