Colombo Today Local News

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු කිලෝ ලක්ෂ 27 ක් ගොඩ ගැහිලා

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ දිවයිනේ නන් දෙසින් රැගෙන එනු ලැබූ එළවළු කිලෝ ලක්ෂ 27 ක් පමණ අද උදේ 11 වන විට ගොඩ ගැසී ඇතැයි මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණි රෝහිණී කවිරත්න මහත්මිය පවසයි.

ඊයේ සවස බස්නාහිර පළාත්ට ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කිරීමත් සමඟ වෙළෙන්දන් දඹුල්ලට නොපැමිණීමත් සමඟ මෙම එළවළු තොග විකුණාගත නොහැකි තත්වයක් මතුව තිබේ. ඊයේ දිනය පුරා ලංකාවේ විවිධ ප්‍ර දේශවලින් නෙළු අස්වැන්න දඹුල්ලට රැගෙන විත් තිබේ. ගොවින් වැඩි වශයෙන්ම අස්වැන්න නෙළා ඇත්තේ ඇඳිරි නීතිය පැවති දින කිහිපයකට පසුව බස්නාහිර පළාතේ එළවළු සඳහා ඇති විය හැකි ඉහළ ඉල්ලුම ඉලක්ක කර ගනිමිනි.

රජය කිසිදු සැලසුමක් නොමැතිව, හිතු මනාපයේ ඇඳිරි නීතිය පැනවීමත්, සැපයුම් ජාල කලමනාකරණය සඳහා කිසිදු වැඩ පිළිවෙලක් නොමැතිවීමත් හේතුවෙන් මෙම තත්වය උදාවී ඇත.

මාර්තු මාසයේ ද රට පුරා ඇඳිරි නීතිය පැනවීමත් සමඟම මාතලේ හා දඹුල්ලේ එළවළු විකුණා ගැනීමට නොහැකිව ගොවින් අන්ත අසරණ භාවයට පත් වූහ. අද දිනයේ ද නැවත එවැනිම තත්වයක් මතුව තිබේ. මාතලේ ආණ්ඩුව පක්ෂය නියෝජනය කරන කිසිදු මහජන නියෝජිතයෙකු මෙම තත්වයට සමනය කිරීම සඳහා වැඩපිළිවෙලක් සකස් කිරීමට දේශපාලන නායකත්වය ලබා දී නොමැත.

අද දඹුල්ලේ ආර්ථික මධ්‍යස්ථානයේ තත්වය අතිශයින්ම ඛෙදජනකයි. බස්නාහිර පළාතේ මිනිසුන් එළවළු පළතුරු නොමැතිව, කෑම නැතිව අන්ත අසරණ තත්වයකට පත් වෙලා. දඹුල්ලේ මිනිසුන් එළවළු විකුණාගත නොහැකි තත්වයට පත්වී සිටිනවා. ඉල්ලුම හා සැපයුම කළමනාකරණය කරන්නට රජයට කිසිදු වැඩපිළිවෙලක් නෑ. රාජ්‍ය ආයතන මාධ්‍ය සංදර්ශන පවත්වමින් සිටිනවා යැයි ද මන්ත්‍රීණි රෝහිණී කවිරත්න මහත්මිය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

Related posts

මංගල ලැයිස්තුවෙන් ඉවත් වීම රනිල්ගේ උපායක් ඉදිරියේ දී තවත් මෙහෙයුම්

colombotoday

ශ්‍රීලනිපය සමග එක්වුවොත් මහින්දට අපේ සහය නෑ – මුරුත්තෙට්ටුවේ හිමි

colombotoday

බුවනෙකබාහු රජතුමා වී ඇත්තේ ලී මඩුවේ චන්දරේගෙ පුතා.. මං ඉන්නතුරු කුරුණෑගල නගරාධිපතිට අතක් තියන්න කිසිවෙකුට ඉඩ දෙන්නෙ නෑ.

colombotoday

TNA නායකයාට දෙමළ ජනතාව එරෙහි වෙයි.. යාපනයේදී එලවා දමයි..

colombotoday

රෝසි ඝා-තන සැලසුමක්?

Admin

රටේ සියළු දෙනා පව් කරලා.. බදු ගෙවා පව් ගෙවමු – අගමැති

colombotoday