Colombo Today Local News

“කොළඹ ලෝකයට ගෙනියන්න නයිට් රේස් හොඳ අවස්ථාවක්” රේස් ගැන දන්න කප් ගහපු කෙනෙක් කියන කතාව

ලංකාවේ කළ හොඳ දෙයක් තමයි කොළඹ රාත්‍රී මෝටර් රථ තරගාවලිය.

නුවර රේස් එකනම් අනවශ්‍ය දෙයක් කියලයි මම හිතන්නේ.

කොළඹ නගරය ලෝකයට රැගෙනයාම සඳහා කොළඹ නයිට් රේස් තරගාවලිය හොඳ අවස්ථාවක් බවත්, එම තරගාවලිය ඉදිරියට යා යුතු බවත් මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව අද පුවත්පතට පවසා තිබේ.

එසේම එම තරගයට එක් වූ විදෙස් ක්‍රීඩකයන්ගෙන් තරගය පිළිබඳව හොඳ ප්‍රතිචාරයක් දැක්වූ බවත්, මෙවැනි තරග හරහා අඩු ආයෝජනයකින් වැඩි ප්‍රතිලාභයක් ලබාගැනීමේ අවස්ථාව තිබෙන බවත් ඔහු සඳහන් කළේය.

කෙසේ වෙතත් මහනුවර පැවැති රාත්‍රී මෝටර් රථ තරගාවලිය අනවශ්‍ය දෙයක් බවත් ඔහු පැවසීය. වැඩිදුරටත් අදහස් දැක්වූ මාලගමුව,

“ලංකාවේ කළ හොඳ දෙයක් තමයි කොළඹ රාත්‍රී මෝටර් රථ තරගාවලිය. නුවර රේස් එකනම් අනවශ්‍ය දෙයක් කියලයි මම හිතන්නේ. කොළඹ නයිට් රේස් එකට ආණ්ඩුව සුළු මුදලක් වියදම් කළේ. අපිත් කාර් පිටරටින් ගෙනාවා. ඒ ෙගනාවෙත් අපේ අතේ මුදලින්. මොනාකෝ, සිංගප්පූරු වගේ රටවල්වල නම් ලෝකයට ගියේ රේස් නිසා.

කොළඹ ලෝකයට ගෙනියන්න තිබුණ හොඳම දෙයක් තමයි මෝටර් රේසිං. කාර් ෙගනාවා. ඒවා දවස් තුනෙන් අපි නැවතත් අරන් ගියා. ක්‍රිකට් පෙන්වන්නේ රටවල් දහයක දොළහක පමණයි. නමුත් අපේ තරග සජීවීව මිලියන 600ක් පමණ බලනවා.

මේ හරහා ලංකාවට ලොකු ආයෝජනයක් ගේන්න පුළුවන්. ලෝකයේ ලස්සනම නගරයක් තමයි කොළඹ නගරය. තරගයෙන් හොඳ ප්‍රසිද්ධියක් ලැබුණා. මගෙත් එක්ක ආපු පිටරට අය කිව්වෙ ලෝකයෙ තිබුණ හොඳම තරගයක් කියලා. අපරාදෙ ඒක නැවැත්තුවේ. ඒකෙන් ලංකාවට හොඳ දෙයක් කරගන්න තිබුණා. කොළඹ තරගය පොඩි ආයෝජනයකින් වැඩි මුදලක් හොයන්න තිබුණ අවස්ථාවක්.

මම කියන්නෙ මේ තරගය ඉදිරියට තියන්න ඕන. මේ අදහස මැලේසියාවේ කරන්න කියලා මට කිවුවා. මම අගෝස්තු මාසයේ ඒ දේ කළා. ඒ අය ඩොලර් මිලියන 20ක් වියදම් කරලා ඊට වඩා වැඩි ප්‍රතිලාභයක් ලැබුවා” යැයි පවසා සිටියේය.

Related posts

නව ත්‍රස්ත මර්ධන පනතේ පිටපතක් පාර්ලිමේන්තුවටත් කලින් ඊළාම් වෙබ් අඩවියක !

colombotoday

මන්ත්‍රීවරුන්ට අළුත් වාහන ඕන.. වැයවෙන්නේ ඉතා සුළු මුදලයි

colombotoday

කොරෝනා ආසාදිත ශ්‍රී ලාංකිකයින්ගේ සංඛ්‍යාව 91 දක්වා ඉහළට

colombotoday

ඇමති දයා ගමගේ පුද්ගලික හෙලිකොප්ටරයෙන් ආපදා සහන සේවයේ (Photo)

colombotoday

“මහින්ද රාජපක්ෂ හොරකම් කළබව මං කියා නෑ.. ඔහුට විරුද්ධව චෝදනා කිසිවක් නෑ” – රාජිත

colombotoday

අධික වර්ෂාවෙන් කොළඹ යටවේ – කුණු කාණු නඩත්තු නොකිරීම හේතුවයි

colombotoday