Colombo Today Local News

වෙද වැඩවර්ජනයේ වේදනාවත් රෝගීන්ට… සැත්කම් 60,000ක් නැවතිලා

රාජ්‍ය සේවයේ වරප්‍රසාද කප්පාදුවට එරෙහිව වෛද්‍ය සංගම් ඊයේ ආරම්භ කළ දීප ව්‍යාප්ත් වැඩ වර්ජනය හේතුවෙන් දිවයින පුරා ඇති රෝහල් 1084ක වැඩකටයුතු සම්පූර්ණයෙන්ම අඩාල වී තිබේ.

දිවයින පුරා රෝහල්වල ඊයේ දිනයේ පමණක් 60,000කට අධික සැත්කම් සංඛ්‍යාවක් නතර වී ඇති අතර බාහිර රෝගී අංශවලට පැමිණි රෝගීන් ලක්ෂයකට වැඩි සංඛ්‍යාවක් ප්‍රතිකාර නොලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙන බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

ඊයේ අනුරාධපුර රෝහලට පැමිණි වකුගඩු රෝගීන් විශාල පිරිසක් වර්ජනයට විරෝධය පළ කරමින් උද්ඝෝෂණයකද නිරත වූහ.

කෙසේ වෙතත් වැඩවර්ජනය අද 04 උදෑසන අටට නතර කිරීමට නියමිත බව වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ලේකම් වෛද්‍ය නවින්ද සොයිසා මහතා ප්‍රකාශ කලේය. ජනපතිවරයා සමග අද පෙරවරුවේ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත අතර ඉල්ලිම්වලට විසදුමක් නොලැබුණොත් ඉදිරියේදී වෘත්තිය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කරන බවද ඔහු පැවසීය.

Related posts

ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සාමාජිකයන් පත් කරයි

Admin

වන අපරාධ අවම කරන්න දිගුදුර විහිදුම් බළකායක්

colombotoday

ඉන්ධන QR කේතය මාස තුනකින් අවසන්

Admin

දරුවකු පැහැරගෙන ගිය නීලක පොලිස් වෙඩි පහරින් මරුට

colombotoday

අජිත්-විජේදාස හබය තව දුර යයි..! ඇමති විජේදාසට එරෙහිව නි.ඇමති අජිත් නැවත කට අරී

colombotoday

අක්කරෙයිපත්තුවේ පහරදීමකින් පොලීසියේ 10කට තුවාල

colombotoday