Colombo Today Local News

ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු හා ජනපති අතර හමුවක්

ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් අද (19)දින පැවැත්වීමට නියමිතව තිබේ.

අද පස්වරු 06.30ට ජනාධිපති කාර්යාලයේ දී මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතය.

මේ අතර ලබන 21 සහ 22 යන දිනයන්හී දි පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට නියමිත 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පිළිබඳ සාකච්ඡාවක් ඊයේ (18)දින පස්වරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.

ඊයේ පස්වරුවේ කොළඹ විජේරාම මාවතේ පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවසේ පැවති මෙම සාකච්ඡාවට ආණ්ඩු පක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂවල නියෝජිතයින් එක්ව සිටියේය.

Related posts

දෙසැම්බර් 31 න් සයිටම් අහෝසියි !

colombotoday

සහරාන්ගෙ වනාතවිල්ලුව වත්තේ කොස්තාපල්වරුන් නිධන්හාරලා

Admin

දුම්රිය ස්ථානාධිපති වර්ජනයෙන් මගින්ට දැඩි පීඩා.. දුම්රිය ගමන්වාර 200ක් අවලංගුයි

colombotoday

විදේශ රටවලින් පැමිණි ශ්‍රී ලාංකිකයින් 522කට කොරෝනා

colombotoday

උතුරු නැගෙනහිර දෙමළ ඡන්ද ශිවාජිලිංගම්ට !

colombotoday

වෙන් කළ දුම්රිය ආසන ගාස්තු අගෝස්තු 1 සිට ඉහළට

colombotoday