Colombo Today Local News

අනියම් බිරිඳ හමුවීමට පැමිණෙන අතර තුර හෙරොයින් ඡාවාරම සිදුකර බන්ධනාගාර ජේලර්වරයෙක් අත්අඩංගුවට

හෙරොයින් මත්ද්‍රව්‍ය සමග බන්ධනාගාර ජේලර්වරයෙක් පුත්තලම, විල්ලව වත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

පුත්තලම පොලිස් ස්ථානයේ මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරින් විසින් සිදුකළ වැටලීමක දී අද (19)දින අලුයම අදාළ සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවේය.

එහිදී සැකකාර බන්ධනාගාර ජේලර්වරයා සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 40යි මිලිග්‍රෑම් 870ක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර බන්ධනාගාරයේ සේවය කළ 37 හැවිරිදි දෙවන පෙළ ජේල්වරයෙකු බව වාර්තා වේ.

සැකකරුගේ අනියම් බිරිඳ පුත්තලම ප්‍රදේශයේ සිටින බවත් ඇය හමුවීමට පැමිණෙන අතර තුර හෙරොයින් ඡාවාරම සිදුකර ඇති බවත් පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

Related posts

ඉහළ ගිය ඉන්ධන කෝටාව මෙන්න

Admin

ලංකාවේදී බොරතෙල් පිරිපහදු කර බංග්ලාදේශයට තෙල් යවන්න ඉන්දියාව මාන බලයි

colombotoday

මම ඉල්ලන්නේ නැත්තේ පරදින නිසා

Admin

රාජ්‍ය සේවකයන් මාරු කරන ක්‍රමයට ගුරුවරුන් මාරු කරන්නේ නෑ – ඇමති සුසිල් කියයි

Admin

“ඕනෑම පරිත්‍යාගයක් කිරීමට සූදානම්“ සිර කුටියේ උපවාසය ගැන විමල් කතානායකට ලියූ ලිපිය

colombotoday

Lanka Change Makers ශ්‍රී ලංකාවේ සයිබර් නීතිය වෙනස් කරයිද?

Admin