Colombo Today Sports News

ශිකර් ධවාන් ගේ ශතකය දිල්ලි කැපිටල්ස්ට ජය ගෙනෙයි

ඉන්දියන් පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියේ ඊයේ පැවති තරගයකදී චෙන්නායි සූපර් කින්ග්ස් කණ්ඩායම පරදවා කඩුලූ 05ක ජයක් අත් කර ගැනීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමත් වුණා. මෙම තරගයේ පලමුව පන්දුවට පහර දුන් මහේන්ද්‍ර සිං දෝනිගේ නායකත්වයෙන් යුත් චෙන්නායි සූපර් කින්ග්ස් කණ්ඩායම පන්දුවාර 20 තුළ කඩුලූ 04ක් දැවී ලකුණු 179 රැස් කළා. ෆෆ් ඩූ ප්ලෙසිස් පන්දු 47 කදී ලකුණු 58 යි.

පිළිතුරු ඉනිම කි‍්‍රඩා කළ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම පන්දුවාර 19.5කදී කඩුලූ 05ක් දැවී ලකුණු 185ක් රැස් කරමින් තරගයේ ජය වාර්තා කළා. දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ ජයග‍්‍රහණයේ නියමුවා වූ ශිකර් ධවාන් නොදවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 101ක්. මෙය ඔහුගේ මංගල IPL ශතකයයි. පන්දු 58කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට හතරේ පහර 14ක් සහ එක් 06 පහරක් ඇතුළත් වුණා.

Related posts

පුහුණු උපදේශක මහේල යළි ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එක්වෙයි

Admin

නිලූක කරුණාරත්නට නැවතත් ඔලිම්පික් වරම්.

colombotoday

ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක්

colombotoday

තුන්වන තරගයෙන් ලකුණු 19ක ජයක් ශ්‍රී ලංකාවට – 3-0 ලෙස තරගාවලියම ජයගනී

colombotoday

LPL අධ්‍යක්ෂ ධුරයෙන් රවීන් වික්‍රමරත්න ඉවත්වෙයි

colombotoday

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට ඉතා දුක්බර දිනයකි. තත්වය තීරණාත්මක යි. | සනත් ජයසූරිය කියයි.

colombotoday