Colombo Today Local NewsCovid 19

ඇඳිරි නීතිය නොදැමූ ප්‍රදේශ 16 කින් කොරෝනා ආසාදිතයින් වාර්තා වෙයි

‪ඊයේ දිනයේදී වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 194 දෙනා ගෙන් 80 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වලින් වාර්තා වූ බවත් සෙසු 114 දෙනා විවිධ ප්‍රදේශ වලින් හමුවූ බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.

මෙලෙස වාර්තා වූ ආසාදිතයින් 114 දෙනා අතුරින් බහුතරයක් දැනට නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවලින් බවයි හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් හමුදාපතිවරයා සඳහන් කළේ ඇඳිරි නීතිය පනවා නොමැති හොරණ, අනුරාධපුර, රාගම, ගනේමුල්ල, රත්නපුර, කළුතර, සීදුව, කැලණිය, කොළඹ, කුරුණෑගල, පොළොන්නරුව, මිගමුව, රත්මලාන, නුගේගොඩ, කඩව සහ හැටන් කියන ප්‍රදේශ වලින් කොරෝනා වෛරසය ආසාදිතවූ පුද්ගලයින් වාර්තා වී තිබෙනවා. මෙලෙස වාර්තා වන්නේ මෙම පුද්ගලයින්ගේ PCR පරීක්ෂණ කිරීමේදී ඔවුන් ලබාදී තිබෙන ලිපිනයන් අනුවයි.

ඇතැම් විට ඔවුන්ගේ මෙම ලිපිනයන් වල ඔවුන් පදිංචිව නොමැතිව රැකියා කිරීමට තාවකාලික නවාතැන් ගෙන සිටින නේවාසිකාගාර වල සිටිනවා වෙන්න පුලුවන්. ඒ නිසා PCR පරීක්ෂණයක් සිදුකළ අයෙක් නම් ඒ ගැන තමන්ගේ නේවාසිකාගාරයේ සිටින සෙසු පිරිස් වෙත දැනුවත් කරන්න. වාර්තාව එනතුරු ඔවුන් සිටින ස්ථානවලම ස්වයං නිරෝධායනය වීම වැදගත් වන්නේ, යුධ හමුදාපතිවරයා සඳහන් කළා.

ඊයේ දිනයේදී ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ පහතින් දැක්වේ

Related posts

හිරිහැරයන්ට ලක් වූ ශ්‍රී ලාංකිකයින් 293ක් දිවයිනට

colombotoday

ඉන්දියන් ඔයිල්, බාල පෙට්‍රල් තොගයක් වෙළදපොලට මුදාහරී !

colombotoday

ශ්‍රී ලංකාවේ ණයවර ලිපි ජාත්‍යන්තරය පිළිනොගනී

Admin

යහපාලන සංවත්සරය අදයි.. අවුරුද්දක කෙරුවාව මාතරදී නටා පෙන්වයි

colombotoday

අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහළට

Admin

බලපත්‍රලාභී බැංකුවල ණය ගනුදෙනුකරුවන්ට සහන ලබා දෙන්නැයි දැනුම්දීමක්

colombotoday