Colombo Today Local News

හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ කොමිසමට කළ පැමිණිල්ල විභාග කර අවසන්

හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා විසින් දේශපාලන පළිගැනීම් පිළිබඳ සෙවීමේ ජනාධිපති කොමිසම වෙත ඉදිරිපත් කළ පැමිණිල්ල විභාග කිරීමේ කටයුතු අවසන් කර තිබේ.

ඒ අනුව ජනාධිපති කොමිසම විසින් මේ වන විට පැමිණිලි හතරක් සම්බන්ධයෙන් විමර්ශන අවසන් කර ඇති බව එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

එම විමර්ශනවලට අදාළ නිර්දේශ ඉදිරියේ දී ජනාධිපතිවරයා වෙත භාරදෙනු ලබන කොමිෂන් සභා වාර්තාවෙන් ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

යහපාලන රජය සමයේ දී අසත්‍ය කරුණු පදනම් කර ගනිමින් තමන් වැඩතහනමට ලක්කළ බව පවසමින් ලලිත් ජයසිංහ මහතා විසින් කොමිසම වෙත පැමිණිල්ලක් සිදුකර තිබුණි.

ඊට අදාළව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, වැඩබලන පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා ඇතුළු පාර්ශව රැසකගෙන් කොමිසම සාක්ෂි ලබාගත්තේය.

මේ අතර රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා අද (29) දිනයේ දේශපාලන පළිගැනීම් පිළිබඳ සෙවීමේ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතව තිබේ.

Related posts

ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග විවාදය ඇරඹෙයි

colombotoday

ගහෙන් වැටිල මැරෙනවද? කරන්ට් වැදිල මැරෙනවද? ඉන්දියන් ගිලන් රථයට නගින්න පෙර දෙවරක් සිතන්න – GMOA

colombotoday

තවත් බිත්තර මිලියන 92.1ක් ආනයනයට අනුමැතිය

Admin

අද ක්‍රියාත්මක කාර්යාල දුම්රිය 10ක් පමණයි

Admin

පාසල් දැරියකගේ සහ තරුණයෙකුගේ සිරුරු දෙකක් පාලු නිවසකින් හමු වෙයි

Admin

16 හැවිරිදි තරුණියක් අතුරුදන්

Admin