29 C
Colombo
10 April 2025
Colombo Today Local News

අභියාචනයක් ඉදිරිපත් කළත් පේ‍්‍රමලාල්ට පාර්ලිමේන්තු එන්න බැහැ

මරණීය දණ්ඩනයට යටත්ව බන්ධනාගාරගතව සිටින පේ‍්‍රමලාල් ජයසේකර මහතා අදාළ ද`ඩුවමට විරුද්ධව අභියාචනයක් ඉදිරිපත් කර තිබුණද ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථානුකූලව ඔහුට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට හෝ ඡන්දය භාවිත කිරීමට නොහැකි බව නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් සිය මතය පාර්ලිමේන්තු මහලේකම්වරයාටත් අධිකරණය අමාත්‍යාංශයේ ලේකම්වරයාට සහ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාටත් දන්වා යවා තිබේ.

පේ‍්‍රමලාල් ජයසේකර මහතා මහජන නියෝජිතයකු ලෙස නවවැනි පාර්ලිමේන්තුවට සහභාගි කරවීම සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් ලබාදෙන ලෙස බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා විසින් ඉකුත් 19 වැනිදා අධිකරණ අමාත්‍යංශ ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කර ඇත.

අධිකරණ ලේකම්වරයා විසින් එදිනම නීතිපතිවරයා වෙත එම ඉල්ලීම යොමු කිරීමෙන් පසු නීතිපතිවරයා මේ බව දැනුම් දී ඇතැයි නීතිපති සම්බන්ධීකරණ නිලධාරී රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනෙවිය පැවසුවාය.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 91(1) අ අනුව්‍යවස්ථාව ප‍්‍රකාරව යම්කිසි තැනැත්තකු 89 වැනි අනුව්‍යවස්ථාවේ දක්වා ඇති කවර හෝ නුසුදුසුකමකට යටත්වීම හෝ භාජනය වී තිබේ නම් ඒ තැනැත්තා පාර්ලිමේන්තුවේ මන්තී‍්‍රවරයකු ලෙස තෝරා ගැනීමට සහ පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට මෙන්ම ඡන්දය දීමට නුසුදුස්සකු වන බව සදහන්ව ඇතැයි අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනෙවිය සදහන් කළාය.

එසේම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 89 ඇ අනුව්‍යවස්ථාව ප‍්‍රකාරව යම් තැනැත්තකු මරණීය දණ්ඩනයට යටත්ව සිටී නම් එය ඔහුගේ ඡන්ද බලය පවා අහිමි වීමට කාරණයක් වන අතර ඒ අනුව මරණීය දණ්ඩනයට යටත් කර දැනට අධිකරණයේ නියෝග මත රිමාන්ඞ් භාරයට පත් කර සිටින පේ‍්‍රමලාල් ජයසේකර මහතා පර්ලිමේන්තුවේ අසුන් ගැනීමට හෝ ඡුන්දය ලබා දීමට සුදුස්සකු නොවන බව නීතිපතිවරයා විසින් සිය මතය ලෙස දන්වා යවා ඇතැයි ද නිශාරා ජයරත්න මෙනෙවිය පැවසුවාය.

දිවයින

Related posts

අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ අමුත්තන් බලන්න හෙරොයින් අරන් ඇවිත්

Admin

වසර 10ක් පවත්වාගෙන ගිය හොර වෛද්‍ය මධ්‍යස්ථානයක් වටලයි

Admin

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

colombotoday

“උතුරේ, දකුණේ රටවල් දෙකක්, නැගෙනහිරට, කදුකරයට ‍ස්වාධීන පාලනයක් ඕනෑ” – විග්නේෂ්වරන් රජයෙන් ඉල්ලයි

colombotoday

ශ්‍රී ලංකාවේ නම වෙනස්විය යුතුයි – ගම්මන්පිල

colombotoday

හබරාදුව ප්‍රාදේශිය සභාව වසා දමයි

colombotoday