Colombo Today Local News

මුඛ ආවරණයේ සැගවා සිටි හෙරොයින්

ගණේමුල්ල, ගලහිටියාව ප්‍රදේශයේ දී මුඛ ආවරණයක් තුළ සඟවා ගෙන සිටි හෙරොයින් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (30)දින සවස 6ට පමණ ගණේමුල්ල දුෂණ මර්දන ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇත.

එහිදී මුඛ ආවරණයක් තුළ තිබී කුඩා හෙරොයින් පැකට් 7ක් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට පත් සැකකරු 36 හැවිරිදි “හුරුබුහුටියා“ යන අනුවර්ත නාමයෙන් හඳුන්වන ලබන පුද්ගලයෙක් වන අතර ඔහු ප්‍රදේශයේ පාසල් ළමුන් ඉලක්ක කර ගනිමින් හෙරොයින් ජාවාරම සිදුකරන බවට අනාවරණය වී ඇතැයි පොලීසිය පවසයි.

ගණේමුල්ල පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

Related posts

අද හුදකලාබවින් නිදහස් කෙරුණු ප්‍රදේශ මෙන්න..

colombotoday

කළාප අනුව කරන්ට් කැපෙන පැය ගණනේ වෙනසක්

colombotoday

Video: එජාපය පැරදුනේ ඇයි ? මාරපනගෙන් අහන්න. – රවී කියයි

colombotoday

“හිගා කාල අපි ඇප ගන්නේ නෑ“ – ඇප ලබා එළියට ආ විමල්ගෙන් සැර කතාවක් (Video)

colombotoday

මවක් මරා කරාඹු දෙක කඩාගෙන

colombotoday

පෙට්‍රල් බවුසරයක් කරණම් ගසයි

colombotoday