Colombo Today Local News

එජාප නායකත්වය සහ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය පිළිබඳ අවසන් තීරණය සැප්තැම්බර් පළමු සතියේ

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සහ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය පිළිබඳ අවසන් තීරණය එළඹෙන සැප්තැම්බර් පළමු සතියේ පැවැත්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී ගැනීමට තීරණය වූ බව එම පක්ෂය පවසයි.

එම තීරණයට එළඹ ඇත්තේ අද (25)දින පැවැති පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදීය.

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්විය.

පක්ෂ නායකත්වය සහ ජාතික ලැයිස්තු මන්ත්‍රිධුරය පිළිබඳ මෙහිදී සාකච්ඡාවී තිබේ.

පක්ෂ නායකත්ව අභියෝගය භාරගැනීමට සූදානම් යැයි හිටපු කථානායක කරු ජයසූරිය මහතා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඊයේ (24) දින යවා තිබූ ලිපිය පිළිබඳව ද මෙහිදී කෘත්‍යාධිකාරී මණ්ඩලය අවධානය යොමු කළ බව වාර්තා වේ.

Related posts

ඉන්ධනහල් අසල දිගු පෝලිම් | පිරවුම්හල් රැසක ඉන්ධන තොග අවසන්

colombotoday

මුතුහෙට්ටිගමට ඇප

Admin

“කිරුළපන මැයි රැළියට ස්ථීරවම මම එනවා” – හිටපු ජනපති මහින්ද

colombotoday

වැඩවර්ජනයෙන් ජනතාවට නොමිලයේ දුම්රියේ යන්න අවස්ථාව

Admin

පුත්තලම මනාප ප්‍රතිඵල

colombotoday

ආයෝජන මණ්ඩලයට නව සභාපතිවරයෙක්

colombotoday