Colombo Today Local News

රාජගිරියේ රිය අනතුර – පාඨලීගේ රියදුරුට සහ සුදත් අස්මඩලට අධිචෝදනා

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකගේ රියදුරු ලෙසට කටයුතු කළ දිලුම් තුසිත කුමාර සහ වැලිකඩ පොලිසියේ හිටපු ස්ථානාධිපති සුදත් අස්මඩල යන අයට කොළඹ මහාධිකරණය අද (20)දින අධිචෝදනා භාර දෙන ලදි.

ඒ 2016 වර්ෂයේදී රාජගිරිය ප්‍රදේශයේදී හිටපු ඇමැති පාඨලී චම්පික රණවක ගමන් කළ බව කියන මෝටර් රථයේ ගැටී තරුණයකු තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් නීතිපතිවරයා ගොනු කළ පළමු නඩුව සම්බන්ධයෙන්.

ඒ අනුව විත්තිකරුවන් දෙදෙනා රුපියල් 10,000 ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ පහක ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග නියෝග කළා.

මෙම නඩුවේ විත්තිකරුවෙකු වන හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක අද දින නව වන පාර්ලිමේන්තුවේ නව සැසිවාර ආරම්භ වන බැවින් ඊයේ (19) දින අධිකරණයේ පෙනී සිටියා.

ඒහිදී මෙම නඩුව අගොස්තු මස 28 වැනිදා කැඳවීමට මහාධිකරණය නියෝග කළා.

එම රිය අනතුර සිදුකළ වරදකරු වසන් කිරීමට තැත් කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ද නීතිපතිවරයා විසින් එවකට වැලිකඩ පොලිසියේ හිටපු ප්‍රධාන පොලිස් පරීක්ෂක වත්මන් සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඩලට, පාඨලී චම්පික රණවකගේ රියදුරුට සහ හිටපු අමාත්‍ය පාඨලී චම්පිකට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරනු ලැබුවා.

Related posts

මංගලගේ ලේකම් තුසිත සමග කළු සල්ලි ජාවාරමේ යෙදුණු ටෙලිකොම් අධ්‍යක්ෂක ෆෙරෝස් ෆාරුක්ගේ වත්කම් මෙන්න

colombotoday

තිරුක්කෝවිල් පොලිස් ස්ථානයේදී මියගිය පොලිස් නිලධාරීන්ගේ සිරුරු ඥාතීන් වෙත භාර දෙයි

colombotoday

ජී.එල්. පීරිස් මුදල්වල වැඩ බලන්න පත් කරයි

colombotoday

රසායනික පොහොර මෙට්‍රික්ටොන් 93000ක් ආනයනය කරයි

colombotoday

මොඩර්නා එන්නත් මහනුවරට | රුසියාවේ ස්පුට්නික් එන්නත ඉදිරියේදී නොලැබෙන ලකුණු

colombotoday

නැව් අනතුරුවලින් වුණ හානි සොයන්න පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක්

Admin