Colombo Today Local News

අංගොඩ ලොක්කාගේ ප්‍රධාන වෙඩික්කරු පොලිසියෙන් වෙඩි කා නසී

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන අංගොඩ ලොක්කා යන අයගේ ප්‍රධාන වෙඩික්කරු වන හසිත හේමතිලක හෙවත් “සොල්ටා” පොලීසිය එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් මියගොස් තිබේ.

අත්අඩංගුවට ගෙන සිටි අදාළ සැකකරු සම්බන්ධයෙන් සිදුකළ විමර්ශණවලදී මුල්ලේරියාව වැලිවිට ප්‍රදේශයේ ආයුධ තොගයක් සඟවා ඇති බවට අනාවරණය වූ බව පොලිසිය පැවසුවේය.

එම ආයුධ සොයා ගැනීම සඳහා එම ස්ථානයට යාමේ දී සැකකරු විසින් පොලීසියට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට උත්සහ කර ඇති අතර එහිදී පොලීසිය විසින් ඔහුට වෙඩි තබා තිබේ.

වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලැබූ සැකකරු මුල්ලේරියාව රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මියගොස් තිබේ.

Related posts

විස්‌සෙන් දෙන්නේ ඊලමයි

colombotoday

MCC ගිවිසුම මෙරට ලිඛිත නීතිය සහ ව්‍යවස්ථාවට පටහැනියි – නීතිපති

colombotoday

ප්‍රභාකරන් සමරන්න විග්නේශ්වරන්ගෙන් 18 දා උත්සවයක්‌

colombotoday

සංචාරය නිමකර ජනපති එයි

Admin

නඩු පිට නඩු වැටුණු කොණ්ඩයාව පොෂ් කළ උදුල් ප්‍රේමරත්නට පොලිසියෙන් නඩුවක්!

colombotoday

ඒකාබද්ධයේ යසපාල ජනපතිට සහය පළකරයි.. ආසන සංවිධායකකමකට පත්කෙරේ !

colombotoday