Colombo Today Local News

බැඳුම්කර වංචාව සම්බන්ධව මුදල් විශුද්ධිකරණ පනත යටතේ විමර්ශනයට

2015 වසරේ සිදුවූ මහ බැංකු බැඳුම්කර වංචා සිද්ධිය සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ විමර්ශන සිදුකරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ව අද (16)දින කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

එම පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත මුදාහැර සිටින පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් ඇතුළු සැකකරුවන් හත්දෙනා අධිකරණයේ පෙනී සිටියේය.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේ, එම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන පවත්වන බවය.

ඊට අදාළව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ද විමර්ශන සිදු කෙරෙන බව එම නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේය.

ඒ අනුව අදාළ පැමිණිල්ල නොවැම්බර් මස 12 වනදා කැඳවීමට නියම කළ අධිකරණය එදිනට මෙම පරීක්ෂණවල ප්‍රගතිය වාර්තා කරන ලෙස ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

2015 වසරේ පෙබරවාරි මස 27 වන දා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකරනු ලැබූ බැඳුම්කර වෙන්දේසියක දී සිදුවූ අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් එවක මහ බැංකු අධිපතිවරයා ලෙස කටයුතු කළ අර්ජුන මහේන්ද්‍රන්, පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් ඇතුළු 8 දෙනෙකුට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම විමර්ශනය ආරම්භ කර තිබේ.

Related posts

උද්ඝෝෂකයන් වෙනුවෙන් වෙනම ස්ථානයක්

colombotoday

යතුරු පැදියක ගැට ගසා, මාවක් ඔයේ ගිල්වා මැරූ ඇටසැකිල්ලක සුලමුල හෙළිවෙයි

colombotoday

විත්තියට වාසියට තීන්දුව දෙන්න අල්ලස් ගත් හිටපු හෝමාගම දිසා විනිසුරු වසර 16ක් සිරගෙට !

colombotoday

Exclusive : බෝගස්වැවත් බදුර්දීන් යටතට – මුස්ලිම් ආක්‍රමණය නාමල්ගමින් ඇරබේ

colombotoday

ඒකාබද්ධයේ අයට අලුත් පක්ෂය තහනම්.. ගියොත් මන්ත්‍රීකමත් අහෝසියි !

colombotoday

වසර ගණනකට පසු පොලිස් පොඩ්ඩන් 9317කට උසස් වීම් දෙන්න කැබිනට් අනුමැතිය

Admin