Colombo Today Local News

සේවය අත්හැරයාමේ නියෝගය ලබා සිටින පොලිස් නිලධාරින් වෙත නිවේදනයක්

විශේෂ කාර්ය බලකාය ඇතුළු ශ්‍රි ලංකා පොලිසියේ සේවය අත්හැරයාමේ නියෝගය ලබා සිටින නිලධාරින් නැවත සේවයේ පිහිටුවිමට අදාළ අභියාචනා මේ මස 17වන දින දක්වා කැඳවන බව රජය පවසයි.

ආරක්ෂක අමාත්‍යංශ අතිරේක ලේකම්වරයා වෙත එම අභියාචනා යොමුකළ යුතු බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඊට අදාළ පුවත්පත් නිවේදනයක් පසුගිය මස 17වන දින පළකර ඇති අතර ආරක්ෂක අමාත්‍යංශයේ www.defence.lk සහ පොලිස් දෙපාර්තමේන්තුවේ www.police.lk යන වෙබ් අඩවිවලින් මගින් ඒ පිළිබඳ තොරතුර ලබාගත හැකි බව ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

Related posts

අන්තරේ සාමාජිකයින් 16කට ඇප

colombotoday

ඉන්ධන පිරවුම් හලක් අසල නාදුනන මළ සිරුරක්

colombotoday

සමාජ ජාල කැළඹූ ‘සිංහරාජ පාර’ බලන්න ජනපති යයි

colombotoday

විග්නේෂ්වරන් පාළාත්සභාවට ඉඩම් බලතල ඉල්ලයි

colombotoday

අස්වැසුම අභියාචනා ලක්‍ෂය පනී… විරෝධතා 6,000ක්

Admin

තාවකාලික රියදුරු බලපත්‍ර පරික්ෂා කරන්න පොලිසියට පරිගණක යෙදවුමක්

colombotoday