World

තුර්කිය රුසියානු ප්‍රහාරක යානයකට පහර දී බිම දමයි – Video

තුර්කිය හමුදාව විසින් රුසියාවට අයත් ප්‍රහාරක ජේට් යානයකට පහර දී බිම හෙළා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ප්‍රහාරය එල්ල කර ඇත්තේ සිරියානු දේශ සීමාවේදී ය. තුර්කි ගුවන් සීමාව ආක්‍රමණය කිරීම හේතුවෙන් අදාළ ප්‍රහාරය සිදුකළ බව තුර්කි ආරක්ෂක අංශ ප්‍රකාශ කර ඇත.ප්‍රහාරය එල්ල කිරීමට පෙර අදාළ යානයට අනතුරු ඇඟවීම් සිදුකළ බව ද තුර්කි ආරක්ෂක අංශ පවසයි.

මේ අතර රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ සිය හමුදාවට අයත් “එස්.යු. – 24 “ ප්‍රහාරක ජෙට් යානයට නැගෙනහිර සිරියාවේ දී ප්‍රහාරයක් එල්ල වී ඇති බවයි. අදාළ යානය තුර්කි ගුවන් සීමාව ආක්‍රමණය කළ බවට තුර්කිය සිදුකරන ප්‍රකාශය ද රුසියාව ප්‍රතික්ෂේප කර තිබේ.

රුසියානු හමුදා ගුවන් යානයට ප්‍රහාරය එල්ල වී එය කඳුකර ප්‍රදේශයකට කඩා වැටෙන ආකාරය වීඩියෝ පටයක ද දැක්වෙයි.

පහත වීඩියෝව බලන්න.

Related posts

චීනයේ භූ කම්පනයකින් පුද්ගලයින් 111ක් මරුට

Admin

සෞදි කාන්තාවගේ කළු ලොකුවට එරෙහිව සෞදියේ කැරැල්ලක් ආරම්භ වේ

colombotoday

ඉරාන හමුදාව ත්‍රස්ත සංවිධානයක් බවට ඇමෙරිකාව නම් කරයි.

colombotoday

“ඉස්ලාමය වැළදගනු.. නැතිනම් රටින් යනු“ – මුස්ලිම් පිරිසක් බ්‍රිතාන්‍ය මහ රැජිණට අනතුරු අගවයි

colombotoday

විවාහ උත්සවයකදී ළිඳකට ඇදවැටී 13ක් මරුට

colombotoday

ෂැංහායි ඩිස්නිලන්තය වසා දමයි

colombotoday