Colombo Today Local News

එකම ස්ථානයකදී කොටි දෙදෙනෙකු මදුවලට හසුවී එක් කොටියෙක් මියයි

එකම ස්ථානයකදී මදුවලට හසුවී සිටි පැන්තරා පාදුස් විශේෂයට අයත් කඳුකර කොටි දෙදෙනෙකු කොත්මලේ, හෙල්බොඩ වතුයායේ පුදුකාඩි කොටසේදී අද (23) හමුවූ බව වනජීවී නිලධාරීහු පවසයි.

මදුවලට හසුව සිටි එක් සතෙක් මිය ගොස් සිටි අතර, අනෙක් කොටියා තුවාල වී සිටියදී බේරා ගැනීමට වනජීවී නිලධාරීන් සමත්වී ඇත.

මියගොස් සිටි කොටියා අඩි හයක් පමණ දිග නිරෝගී සතෙකු බවද වනජීවී නිලධාරීන් පවසයි.

තුවාල ලබා සිටි කොටියා නිර්වින්දය කොට වැඩිදුර ප්‍රතිකාර කිරීම සඳහා නුවරඑළියට රැගෙන යාමට වනජීවි නිලධාරීන් පියවර ගෙන ඇත.

දඩයක්කරුවන් විසින් වන සතුන් දඩයම් කර ගැනීමේ අරමුණින් අටවා තිබු මදුවලට හොඳින් වැඩුණු මෙම කොටියන් දෙදෙනා හසුව ඇති බව වනජීවී නිලධාරීන් පවසයි.

Related posts

සුසිල්, දයාසිරි කැබිනට් රැස්වීම වර්ජනය කරයි

colombotoday

බුද්ධශාසන ඇමැතිගේ චීන සංචාරය ඵල දරයි

colombotoday

ඉඩම් සංවර්ධන පනත් කෙටුම්පත ව්‍යවස්ථාවට අනුකූලයි

colombotoday

උ/නැගෙනහිර වෙනම රාජ්‍යයක්, වතුකරයේ ස්වාධීන කලාපයක් ඕනෑ – විග්නේශ්වරන් රජයෙන් ඉල්ලයි

colombotoday

ආර්ථිකය ගැන චෝදනා මහින්ද ප්‍රතික්ෂේප කරයි

Admin

වෙනම රටක් ඉල්ලන්න සිවාජලිංගම් ජිනීවා යයි

colombotoday