Colombo Today Local News

තේ අපනයනය මත පනවා ඇති ප්‍රවර්ධන හා අලෙවි බද්ද ඉවතට

තේ අපනයනය මත පනවා ඇති තේ ප්‍රවර්ධන හා අලෙවි බද්ද අය කිරීම මාස 6කට තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ.

ඊයේ (17)දින රැස්වු කැබිනට් මණ්ඩලයේ දී මෙම තීරණය ගෙන ඇත.

මේ වන විට රට තුළ පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ තේ කර්මාන්තයට මුහුණපෑමට සිදු වූ අභියෝග රැසකි.

ඒ අතර තේ කර්මාන්තශාලා මෙහෙයුම් කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම, බොහෝ තේ ආනයනය කරන රටවල මිලදී ගැනීමේ හැකියාව සාපේක්ෂව අඩුවීම, සැපයුම්දාම කළමනාකරණයේ ගැටලු සහ නිෂ්පාදනවල ගුණාත්මකභාවය ස්ථාවරව පවත්වා ගැනීම ප්‍රධාන වේ.

මෙකී දුෂ්කරතාවයන් හමුවේ තේ කර්මාන්තය ස්ථාවරව පවත්වාගෙන යාම සඳහා මූල්‍යමය සහනයක් ලෙස, අපනයනය කරනු ලබන සෑම තේ කිලෝග්‍රෑමයක් මත ලියාපදිංචි අපනයනකරුවන්ගෙන් දැනට අය කරනු ලබන රුපියල් 3.50ක තේ ප්‍රවර්ධන හා අලෙවි බද්ද අය කිරීම මාස 06ක කාලයකට තාවකාලිකව අත්හිටවනු ඇත.

වැවිලි කර්මාන්ත සහ අපනයන කෘෂිකර්ම අමාත්‍යවරයා ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

Related posts

හොංකොන් ජාතිකයින් දෙදෙනෙකු රැඳි සිටි හෝටලයක් මුද්‍රා තැබේ

colombotoday

අනාගත පරපුරට ආඩම්බර විය හැකි රටක් ගොඩනගනවා..- ජනපති සහතික වෙයි !

colombotoday

ජනබලය ‌කොළඹට… විරෝධය පවත්වන ස්ථානය ගැන තීරණයක් තවම නෑ… පොලිසිය සීරුවෙන්…

colombotoday

තැපැල් ඡන්ද භාවිත කිරීමට අදත් අවස්ථාවක්

colombotoday

ආබාධිත රණවිරුවෝ මහවැස්සේත් මාරාන්තික උපවාසයේ

colombotoday

හෙටත් පැය 3ක විදුලි කප්පාදුවක්

colombotoday