Colombo Today Local News

ගානියාගේ පැහැර ගැනීමේ නාටකය: කෙප්ප සියල්ල මුල සිට හෙළිවේ

පැහැර ගැනීමකට ලක්වූ බව කියන ස්විස් තානාපති කාර්යාල සේවිකා ගානියා ප‍්‍රැන්සිස් සිද්ධියට සම්බන්ධ රහස් තොරතුරු ඇතුළත් පරිගණකය මාස 7 කට පසු කොළඹ නිවසක තිබියදී රහස් පොලිසියේ කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම පරිගණකයේ හිමිකාරිය වූ දර්ෂා බැස්ටියන් නමැත්තිය නොවැම්බර් 21 දා ස්විස් තානාපති කාර්යාලයේ සහයෙන් ජිනීවා නුවරට ගොස් එතැන් සිට ලන්ඩන් නුවරට ගොස් තිබේ.

ඇය මේ දක්වාම රහස් පොලිසියට කටඋත්තරයක් දී නැත. ගානියා ප‍්‍රැන්සිස් ළඟ තිබූ ජංගම දුරකථනය දර්ෂා බැස්ටියන්ට ලබා දුන් බව පරීක්‍ෂණවලදී හෙළි වී ඇත.

ගානියා සිද්ධියට අදාළ තොරතුරු මෙම පරිගණකයේ ඇතැයි රහස් පොලිසිය සැක කරයි. මේ වනවිට රහස් පොලිසිය දර්ෂා බැස්ටියන්ගේ දුරකථන දත්ත ද සොයාගෙන ඇත.

මෙතෙක් කරන ලද විමර්ශනවලින් හෙළි වී ඇත්තේ කීපදෙනකු එක්වී මෙම බොරු පැහැර ගැනීම සැලසුම් කර ඇති බවයි.

Related posts

දැනට භාවිතයේ පවතින ත්‍රීරෝද රථ ඉවතට… පුංචි කාර් ගන්න ණයක්….

colombotoday

දූෂිතයන්ට ඇමතිකම් දීලා, පරීක්ෂණ යට ගහලා, යහපාලනය හොරුන්ට රහපාලනයක් වෙලා – දූෂණ විරෝධී හඩ

colombotoday

රාජ්‍ය සේවක වැටුප් වැඩි කලහොත් වැට් බද්දත් ඉහළට

Admin

ඇමති මලික් සමරවික්‍රම, ජනපතින් අන්දවා සිංගප්පූරුවට රට පාවා දෙයි !

colombotoday

බදු සහන දීම ගැන රජය සාකච්ඡා කරයි

Admin

මාස 3කදී සෑම මසකම සංචාරකයින් ලක්ෂ 2කට වැඩි ප්‍රමාණයක් ලංකාවට

Admin