Colombo Today Local News

මහවිල මූකලාන රක්ෂිතයේ අක්කර 30ක වසර සිය ගණනක් ඉපැරණි ගස් කපා විනාශ කරයි

කොටපොල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ, මහවිල මූකලාන, අක්කර 30ක රක්ෂිතයේ වසර සිය ගණනක් ඉපැරණි ගස් කපා විනාශ කරන බවට ප්‍රදේශවාසීන් චෝදනා කරති.

ප්‍රදේශය හරහා හමා ගිය දැඩි සුළඟක් හේතුවෙන් රක්ෂිතයේ ගස් මාර්ගයට වැටී තිබීම හේතුවෙන් ඒවා ඉවත් කිරීමට ලබා දුන් බලපත්‍ර උල්ලංඝණය කරමින් ටෙන්ඩර්කරුවන් මෙම ඉපැරණි ගස් කපා දමන බව ප්‍රදේශවාසින් පවසා සිටියි.

ඉකුත් වසරේ නොවැම්බර් මාසයේ දී බලපෑ අයපහත් කාලගුණය හේතුවෙන් කොටපොළ, මහවිල මූකලාන රක්ෂිතයේ ගස් කඩා වැටීමෙන් ප්‍රදේශවාසීන්ගේ ගමනාගමනයට බාධා එල්ල වුණි.

මේ හේතුවෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දැව සංස්ථාව හරහා ටෙන්ඩර් කැඳවමින් කඩා වැටුණු ගස් ඉවත් කිරීමට කටයුතු කළේය.

එහෙත් ටෙන්ඩර්කරුවන් විසින් බලපත්‍ර උල්ලංඝණය කරමින් මාසයක පමණ කාලයක සිට රක්ෂිතයේ වසර සිය ගණනක් ඉපැරණි රූස්ස ගස් විශාල ප්‍රමාණයක් කපා දමා තිබේ.

මේ අතර කොටපොල ප්‍රාදේශීය ලේකම්වරයා ඊයේ (16)දින පැමිණ රක්ෂිතය නීරීක්ෂණය කළ අතර එහිදී ගම්වාසින්, නිලධාරින් හා ගස් කපා දැමු පිරිස අතර උණුසුම් තත්ත්වයක් ද හටගෙන ඇත.

Related posts

අලි සබ්රිගේ අමාත්‍යංශයෙන් උතුරු නැගෙනහිර අතුරුදහන් වූවන්ගේ ඥාතීන්ට නීති ආධාර

colombotoday

පාර්ලිමේන්තුවේ සම්මතකළ අලුත් පණතෙන් මරාගෙන මැරෙන කොටි බෝම්බකරුවන්ටත් වන්දි…

colombotoday

උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසුන්ට නිවේදනයක්

colombotoday

බන්ධනාගාර රැඳවියෙකු මියයයි

colombotoday

තවුහිඩ් ජමාත් සංවිධානයෙන් ත්‍රස්ත ප්‍රහාරයක් සිදුවන බවට අප්‍රේල් 11 බුද්ධි අංශවලට තොරතුරු ලැබී තිබිලා

colombotoday

ජාතික කණ්ඩායමේ වමත් පිතිකරුවෙක් තරුණියකට හදි කරන්න හැදු සිද්ධියේ සී.සී.ටී.වී මැකිලා

colombotoday