World

බොලිවුඩ් රංගන ශිල්පී සුෂාන්ත් දිවියට සමුදෙයි

අභාවප්‍රාප්ත බොලිවුඩ් රංගන ශිල්පී සුෂාන්ත් සිං රාජ්පුත්ගේ අවසන් කටයුතු ඊයේ (15)දින සිදු කළේය.

ඒ ඔහු වාසය කළ මුම්බායි නගරයේදීයි.

“පීකේ“ , “එම් එස් දෝනී“ – “දි අන්ටෝල්ඩ් ස්ටෝරි“, සහ “චිච්චෝරේ“ වැනි චිත්‍රපට රැසකට සිය රංගන දායකත්වය ලබාදුන් බොලිවුඩ් රංගන ශිල්පී සුශාන්ත් සිං රාජ්පුත්ගේ මරණය බොලිවුඩය පමණක් නොව සමස්ත ලෝකයේම බොලිවුඩ් සිනමා ලෝලීන් කම්පනයට පත් කළේය.

ඔහු රංගන දායකත්වය සැපයූ චිත්‍රපට අතරින් හිටපු ක්‍රිකට් නායක මහේන්ද්‍ර සිං දෝනිගේ ජීවිත කතාව ඇසුරින් නිර්මාණය කළ එම් එස් දෝනී – දි අන්ටෝල්ඩ් ස්ටෝරි හි සිදුකළ රංගනය දැඩි ප්‍රේක්ෂක ප්‍රසාදය දිනා ගත්තේය.

රූපවාහිනී දීර්ඝ ටෙලිනාට්‍ය ඔස්සේ ක්ෂේත්‍රයට පිවිසි ඔහු බොලිවුඩය හා එක්වුණේ 2013 වර්ෂයේදීයි.

එදා සිට මේ දක්වා චිත්‍රපට 11 කට ඔහු රංගන දායකත්වය සපයා ඇති අතර අවසන් චිත්‍රපටය ඉදිරියේ දී එළිදැක්වීමට නියමිතව තිබේ.

සුශාන්ත් මුම්බායි හි පිහිටි සිය නිවසේදී දිවි නසාගෙන තිබුණේ පසුගිය ඉරිදායි.

ඒ වන විට ඔහු 34 වන වියේ පසු විය.

කලක් විශාදය රෝගයටත් ඔහු ගොදුරුවී සිටි බවට වාර්තා පල විය.

කෙසේ වෙතත් සුශාන්ත් දිවි නසා ගැනීමට නිශ්චිත හේතුවක් තවමත් අනාවරණ වී නැහැ.

සුශාන්ත්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු මුම්බායිහි පවන් හාන්ස් ආදාහනාගාරයේදී සිදු කෙරුණි.

ඒ ඔහුගේ පවුලේ සාමාජිකයන් ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන්.

Related posts

කිලෝ මීටර් 2000ක් පමණ ඉහළ ට ගිය උතුරු කොරියාවේ සුවිශාල මිසයිලය එළිදකි.

colombotoday

මෙක්සිකෝවෙන් කොකේන් රාත්තල් 10,000ක් සොයාගනී

Admin

උතුරු අත්ලාන්තික් සාගරයේ ප්‍රබල භූකම්පනයක්

Admin

මිත්‍යාවක් වූ මකරුන් සැබවින්ම සිටියා ද?

Admin

සටන් විරාමය මධ්‍යයේ ඊලොන් මස්ක් ඊශ්‍රායලයට

Admin

අවසන් ගමන් යාමට මොහොතකට පෙර

colombotoday