Colombo Today Local News

ලොවපුරා කොවිඩ් ආසාදිතයින් ගණන ලක්ෂ 75 ඉක්මවයි

ගෝලීය කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 75 ඉක්මවා ගොස් තිබේ.

වාර්තා වන සමස්ත මරණ ගණන 423,846 කි.

මේ අතර ඉන්දියාව, දිනක් තුළ ලොව වැඩිම වෛරස ආසාදිතයින්ගේ ලැයිස්තුවේ 04 වන ස්ථානයට පත්ව තිබේ.

ලොව වැඩිම කොවිඩ් ආසාදිත ලැයිස්තුවේ සිව්වැනි ස්ථානයට ඉන්දියාව පත්ව ඇති අතර එරටින් ඊයේ (11) නව ආසාදිතයින් 11,128 දෙනෙකු හඳුනා ගැණුනි.

ඒ අනුව එරට සමස්ත ආසාදිතයින් ගණන 298,283 ක් දක්වා ඉහළ ගොස් ඇත.

එරට වාණිජ අගනුවර වන මුම්බායි නගරයෙන් පමණක් වාර්තාවන ආසාදිතයින් ගණන, කොවිඩ් වසංගතය පළමුවරට හඳුනාගත් වූහාන් නගරයෙන් වාර්තාවන ආසාදිතයින් ගණනද ඉක්මවා ගොස් තිබේ.

ධාරිතාව ඉක්මවා වේගයෙන් ආසාදිතයින් වාර්තාවීමත් සමඟින් එරට රෝහල් දැඩි අර්බුදයකට මුහුණපා ඇති අතර, බොහෝ රෝගීන් ප්‍රතිකාර නොලබාම මියයාමේ අවදානමක් උද්ගත වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

කොවිඩ් ආසාදිත ලක්ෂණ පෙන්නුම් කළ අට මස් ගැබිණියක් රෝහල් නවයකින් ප්‍රතික්ෂේප වීම හේතුවෙන් ගිලන් රථය තුළම මියගොස් තිබීමේ පුවතක් ද ඉන්දියාවෙන් වාර්තා වෙයි.

කොවිඩ් ආසාදිතයින් ලක්ෂ විසි එකකට ආසන්න පිරිසක් වාර්තා වී ඇති අමෙරිකාවෙ සැලකෙන්නේ වසංගතයේ වැඩිම බලපෑමකට ලක්වූ රාජ්‍යය ලෙසයි.

අද වනවිට ඉන් අමෙරිකාවේ පමණක් සිදුව ඇති මරණ ගණන 116,034 කි.

එමෙන්ම දෙවැනි කොවිඩ් ආසාදිත රැල්ලක් ඇතිවීමේ අවදානමක් මතුව ඇතැයි වාර්තා පළවීමත් සමඟ එරට ආර්ථිකය නැවතත් දරුණු පසුබෑමකට ලක්ව තිබේ.

කොවිඩ් වසංගතය හේතුවෙන් ඉතාමත් අසීරු තත්ත්වයකට පත්ව සිටින දකුණු අමෙරිකානු කලාපීය ප්‍රබලයා වන බ්‍රසීලයෙන් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ ගණන 41,058 කි.

Related posts

පෙම්වතියට පොටෝ යවා සරසවි සිසුවා විදුලි පංකාවේ එල්ලිලා

Admin

“රටට හෙණ ගැහුවත් අගමැතිට විහිළු.. ඔහු කවටයෙක් වෙලා” – ජී.එල්. පීරිස්

colombotoday

පළාත් පාලන මැතිවරණය මාර්තු 25 වැනිදාට පෙර

colombotoday

බිඳවැටුණු සබඳතා අලුත් කරගන්න නෝර්වේ විදේශ ඇමති එයි

colombotoday

ඉන්ධන ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදාහැරීමට ත්‍රිවිධ හමුදාවට සහය ඉල්ලයි

colombotoday

පැය 24 ක් තුළ ඇඳිරි නීතිය කඩ කළ 91 ක් අත්අඩංගුවට

colombotoday