Colombo Today Local News

ශ්‍රී ලාංකේය සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබද ආඩම්බර වන අගමැතිගෙන් තුති

කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ශ්‍රී ලාංකේය සෞඛ්‍ය ක්ෂේත්‍රය ක්‍රියාත්මකවූ ආකාරය සම්බන්ධයෙන් තමන් සතුටට පත්වන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

තංගල්ල මූලික රෝහලේ අභිනවයෙන් ඉදිකෙරුණු හෘද රෝග දැඩිසත්කාර ඒකකය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

රුපියල් ලක්ෂ 450ක වියදමින් තංගල්ල මූලික රෝහලේ අභිනවයෙන් ඉදිවූ හෘද රෝග දැඩිසත්කාර ඒකකය විවෘත කිරීමේ අවස්ථාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ පෙරවරුවේ එක්විය.

එම අවස්ථාවට අමාත්‍ය චමල් රාජපක්ෂ සහ දකුණු පළාත් ආණ්ඩුකාර සී.ඩී.ගමගේ යන මහත්වරුන්ද එක්ව සිටියේය.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වු අගමැතිවරයා පවසා සිටියේ, අපේ සෞඛ්‍ය සේවය ලෝකයා ඉදිරියේ ඉතා ආඩම්බරයෙන් නැගී සිටිය හැකි සෞඛ්‍ය සේවයක් වන බවයි.

කොරෝනා හමුවේ දියුණු රටවල් ඇඳ වැටෙන විට ලංකාව ඉහළට එසවීමේ හැකියාව සෞඛ්‍ය සේවයට තිබු බවද අගමැතිවරයා මෙහිදී පැවසීය.

ඒ නිසාවෙන් අපගේ සෞඛ්‍ය සේවය ගැන ආඩම්බර වෙන ගමන් එයට ස්තූතිය ප්‍රකාශ කරන බවද අගමැතිවරයා මෙහිදී කියා සිටියේය.

Related posts

ISIS ‘භීතියේ අධිරාජ්‍ය යෙන්‘ 7000ක් ලංකාවට ඇවිත්…

colombotoday

අඩු මිලට ජලය දෙන නිසා ජනතාව වැඩියෙන් ගන්නවා

colombotoday

රවී ඇතුළු අටදෙනා බන්ධනාගාරයේ නිරෝධායන මධ්‍යස්ථානයට

colombotoday

සතුන් දඩයමට ඇටවූ විදුලි රැහැනක පැටලී පුද්ගලයෙක් ජීවිතක්ෂයට

Admin

මහා පරිමාණ හාල් වංචාව ගැන අහන්න බදුර්දීන් ජනපති කොමිසමට කැදවයි !

colombotoday

කරුවලගස්වැව වන අලි ප්‍රහාරයකින් පුද්ගලයකු මරුට

Admin