27 C
Colombo
6 April 2025
Colombo Today Local News

ලංකාවේ තහනම් කර තිබූ LTTE හිතවාදී සංවිධාන 8ක තහනම ඉවතට

ශ්‍රී ලංකාව තුළ තහනම් කර තිබු එල්.ටී.ටී.ඊ හිතවාදී රාජ්‍ය නොවන සංවිධාන අටකට පනවා තිබුණු තහනම ඉවත් කර තිබේ. 20 වනදා රාත්‍රියේ නිකුත් කළ විශේෂ ගැසට් නිවේදනයක් මගින් මෙම තහනම් ඉවත් කර ඇත.

2014 වසරේ මාර්තු මාසයේ දී එල්.ටී.ටී.ඊ. සංවිධානය ඇතුළු රාජ්‍ය නොවන සංවිධාන 16ක් රජය විසින් තහනම් සංවිධාන ලෙස නම් කරනු ලැබුණි. නව ගැසට් සංශෝධනය අනුව ඉන් සංවිධාන අටක තහනම නොවැම්බර් මස 20 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර ඇති බව වාර්තාවෙයි. ඒ අනුව

  • ගෝලීය දෙමළ සංසදය,
  • බ්‍රිතාන්‍ය දෙමළ සංසදය,
  • කැනේඩියානු දෙමළ කොංග්‍රසය,
  • ඔස්ට්‍රේලියානු දෙමළ කොංග්‍රසය,
  • කැනේඩියානු ද්‍රවිඩ ජාතික කවුන්සිලය,
  • ද්‍රවිඩ ජාතික සභාව, ද්‍රවිඩ තරුණ සංවිධානය,
  • ලෝක ද්‍රවිඩ සම්බන්ධීකරණ කමිටුව

යන සංවිධානවල තහනම් ඉවත් කර තිබේ. දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය හෙවත් එල්.ටී.ටී.ඊ. සංවිධානය, දෙමළ පුනරුත්තාපන සංවිධානය, දෙමළ සම්බන්ධීකරණ කමිටුව, ලෝක දෙමළ ව්‍යාපාරය, දේශසීමා ඉක්මවු දෙමළ ඊළාම් රාජ්‍යය, ද්‍රවිඩ ඊළාම් ජනතා සම්මේලනය, ලෝක දෙමළ සහනසාධක අරමුදල සහ මූලස්ථාන කාර්යාලය යන සංවිධාන සඳහා පනවා ඇති තහනම තවදුරටත් දීර්ඝ කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේය.

මේ අතර ත්‍රස්තවාදී ක්‍රියාවලට සම්බන්ධවීමේ චෝදනාව මත පුද්ගලයින් 424 දෙනෙකුට ශ්‍රී ලංකාව තහනම් කිරීමට 2014 වසරේ දී පියවර ගෙන තිබුණි.

ඉන් පුද්ගලයින්ගෙන් 269 දෙනෙකුගේ තහනම ඉවත් කර තිබේ.

කෙසේවෙතත් තවත් පුද්ගලයින් 155 දෙනෙකුට අදාළ තහනම තවදුරටත් ක්‍රියාත්මක බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේය.

968 අංක 45 දරණ එක්සත් ජාතීන්ගේ පනතේ 2012 අංක 01 දරණ නියෝගවලට අනුව මෙම ලැයිස්තුව සකස් කර ඇති බව වාර්තාවේ.

Related posts

ලිංගික අතවර සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කිරිඇල්ල ප්‍රාදේශීය ලේකම්ට ඇප.

colombotoday

මලික් ගෙතු බොරු සියල්ල මහින්දානන්ද එකින් එක දිගඅරියි.. මලික්ට කට උත්තරත් නැති වෙයි. Video

colombotoday

මුඛ ආවරණ සඳහා පනවා ඇති බදු ඉවතට

colombotoday

මොබිටෙල් මූලස්ථානය වසා දමයි

colombotoday

ඊයේ රෑ බොදු බලේ දිලන්තගේ නිවසට නාදුනන පුද්ගලයන් – ජිවිත හානි කිරීමට පැමිණියාදැයි සැකයක්

colombotoday

මැතිවරණ කොමිසම අද රැස්වේ

colombotoday