Colombo Today Local News

පුරාවිද්‍යා රක්ෂිතයක නිධන් සොයා කැණීම් කළ පුද්ගලයින් 8දෙනෙකු අත්අඩංගුවේ

මොනරාගල දිස්ත්‍රික් පුරා වස්තු විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරීන් විසින් තණමල්විල මූලස්ථාන පොලිස් බල ප්‍රදේශයේ අරඹෙකෙම ප්‍රදේශයේ දී ඊයේ (31)දින දහවල් සිදුකළ වැටලීමකදී නිධන් සොයා කැණීම් කල පුද්ගලයන් අට දෙනෙකු උපකරණ තොගයක් ද සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරුවන් විසින් අරඹෙකෙම විහාරස්ථානය ඉදිරිපිට පුරාවිද්‍යා රක්ෂිතයේ පොකුණක් ආශ්‍රිතව ඇඳිරි නීතිය අවස්ථාවේ දී මෙම කැණීම් සිදුකර ඇති අතර පොලීසියට ලද තොරතුරක් අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 50-60 අතර වයස්වල පසුවන කලුතර, පානදුර, තිස්සමහාරාමය සහ පන්නෙගමුව යන ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසක් බව පොලිසිය කියයි.

ඔවුන් සන්තකයේ තිබී කැණීම් සඳහා යොදාගත් ඩෙටනේටර් නවයක්, වෙඩි බෙහෙත්, ගල් විඳින උපකරණයක්, සවල්, අලවංගු ඇතුළු උපකරණ රැසක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

සැකකරුවන් විසින් කැණීම් සිදුකළ ස්ථානයේ විශාල වලක් හාරා පොකුණ විනාශ කරමින් කැණීම් සිදුකර ඇති බව පොලිසිය පැවසීය.

සැකකරුවන් ඉදිරි විමර්ශන සඳහා තණමල්විල පොලීසිය වෙත භාර දී ඇති අතර එම සැකකරුවන් අද (1)දා වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

Related posts

සංශෝධනය වූ අධිවේගී මාර්ග බස් ගාස්තු මෙන්න

Admin

අසාද් සාලිගේ ජාතිවාදී කියුම් කෙරුම් ගැන පොලීස් පරීක්ෂණයක් !

colombotoday

ව්‍යවස්ථාව කඩා, නීතිය නැමූ විග්නේෂ්වරන් අල්ලනු.. ගම්මන්පිලලා විරෝධයේ

colombotoday

රණවිරු සැමරුම් මාසය ප්‍රකාශයට පත් කෙරේ

colombotoday

රාජිතගෙන් ඉගෙන ගන්න බිල් ගේට්ස් සහ අබුඩාබියේ ඔටුන්න හිමි කුමරු එක පැයක් ඉල්ලයි !

colombotoday

බටහිර පර්යන්තය සංවර්ධනයට ආයෝජකයෙකු නම් කරන්නැයි ඉන්දියාවට හා ජාපනයට දැනුම් දීමට කමිටු තීරණයක්

colombotoday