Colombo Today Local NewsUrumaya

අක්. 30 ක් එපා. අක්. 72ම දෙන්න. මට බෞද්ධ ජනාධිපති විශ්වාසයි – මුහුදු මහා විහාරයේ නායක හිමි

තියෙන භුමිය ආරක්ෂා කරගැනීම සඳහා නාවික හමුදා අනුඛණ්ඩයක් මුහුදු මහා විහාරයට ලබා දුන් බව මුහුදු මහා විහාරාධිපති හිමියන් විසින් Colombo Today වෙත විශේෂ ප්‍රකාශයක් ලබා දෙමින් සඳහන් කර සිටියා.

1951 ජනවාරි 26 දින මතුපිට පුරාවිද්‍යා නටබුන් සහිතව වෙන් කල අක්කර 72 යි රූඩ් 3 යි පර්ච් 13 මුහුදු මහා විහාරයට අවශ්‍ය බව ඒ හිමියෝ රජයට දැන්වූ බව වැඩිදුරටත් සඳහන් කර සිටියා.

“අරගල කලේ උසාවි ගියේ පොලිසි ගියේ මාරාන්තික උපවාස කලේ මේ අක්කර 30 ගන්නනම් නොවේ. අක්කර 30 අපිට තියෙනවා. ආයේ අරගල කරන්න ඕනි නෑ. අපිට අවශ්‍ය වන්නේ අක්කර 72 යි රූඩ් 3 යි පර්ච් 13. මේ විහාරස්ථානයේ ප්‍රධාන භික්ෂුන් වහන්සේ ලෙස මා කාරුණික ඉල්ලීමක් කරනවා පළමු වරට” යැයි මෙහිදී උන්වහන්සේ අවධාරණය කර සිටියා.

1951 සිට 1965 වන විට මුහුදු මහා විහාරයේ ප්‍රමාණය අක්කර 72 සිට අක්කර 30 කට අඩු වූ බවත් ඊට හේතුව සඳහන් කර ඇත්තේ ජනගහනය තිබුණ නිසා බවට සඳහන් ව ඇති බව ඒ හිමියෝ අවධාරණය කර සිටියා.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නොසැලකිල්ල නිසා උතුරු නැගෙනහිර පළාතේ පුරාවිද්‍යා උරුමයන් විනාශයට පත්වී ඇති බවට චෝදනා කර සිටි උන් වහන්සේ “පුරාවස්තු ඩෝසර් කරනවා, පුරා වස්තු වළලනවා, පුරාවස්තු කඩනවා, පුරාවස්තු ටික ආරක්ෂා කරගන්න පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සැලකිය යුතු වැඩ පිළිවෙලක් නෑ” යැයි අවධාරණය කර සිටියා.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මෙන්ම වෙරල සංරක්ෂණ දෙපාර්තමේන්තුව ද තමන්ගේ යුතුකම් ඉෂ්ඨ නොකිරීම නිසා පුරාවිද්‍යා සංහාරයකට හේතු වී ඇති බව මුහුදු මහා විහාරයේ නායක හිමි වැඩිදුරටත් සඳහන් කර සිටියා.

“මම විශ්වාස කරන්නේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විතරයි. මොකද ඔහු රණවිරුවෙක් නිසා. දේශපාලකයෝ නම් අද කියන දේ හෙට වෙනස් කරනවා. ලක්ෂ 70ක් ඡන්ද ගත්තේ බෞද්ධ ඡන්ද. ඒ නිසා අපේ බෞද්ධ ජනාධිපති කියන්න පුළුවන්. ඔබතුමාට අයිතියක් තිබෙනවා මුහුදු මහා විහාරය ඇතුළු උතුරු නැගෙනහිර පුරාවස්තු ආරක්ෂා කිරීමේ පරම වගකීම ඔබතුමාට බාර දෙනවා.” යැයි උන්වහන්සේ අවධාරණය කර සිටියහ.

වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ…

Related posts

වහබ්වාදී උලමා සභාවේ බලහත්කාරය නවත්වන ක්‍රමය ඥානසාර හිමි කියති

colombotoday

ආප්ප න්‍යායෙන් විශ්වාසභංගයට සහය දෙන්න – ගම්මන්පිල එජාප මන්ත්‍රීලාගෙන් ඉල්ලයි

colombotoday

යන යකා කොරහත් බිඳගෙනම යයි… ආණ්ඩුවේ තවත් පාපකර්මයක් හෙලිවෙයි…

colombotoday

දුප්පත් මිනිහගේ සාක්කුවටත් ඇරියා… හිගාකෑවනම් මීට නම්බුයි.. අගමැති වහා ඉල්ලා අස්වෙනු !

colombotoday

අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ විරෝධතා පා ගමනකට පොලීසියෙන් ජල ප්‍රහාරයක්

Admin

මත්පැන් මිල අඩු කරන්න යැයි ඉල්ලා උසාවි යයි

colombotoday