Colombo Today Local News

සංවර්ධන කටයුතු යලි ආරම්භ කිරීමට සුදුසු බව චීන ජනපති ශ්‍රී ලංකා ජනපතිට යෝජනා කරයි

චීනය සහ ශ්‍රී ලංකාව කොරෝනා වෛරසය වැළැක්වීම සහ පාලනය සිදුකරමින් රටේ විවිධ ක්ෂේත්‍රවල සිදුකෙරෙන සංවර්ධන කටයුතු යලි ආරම්භ කිරීමට සුදුසු බව චීන ජනාධිපති ෂී ජින් පිං යෝජනා කර සිටිනවා.

චීන ජනාධිපතිවරයා ඊයේ (13) දින රාත්‍රියේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග සිදුකළ දුරකථන සංවාදයකදී මේ බව ප්‍රකාශ කළ බවයි Xinhua ප්‍රවෘත්ති සේවය වාර්තා කර සිටියේ.

වසංගත සමයේදී තම පුරවැසියන් රැකබලා ගැනීම පිළිබඳව චීන ජනාධිපතිවරයා මෙහිදී ශ්‍රී ලංකා රජයට සහ ජනතාවට ස්තූතිය පුද කළ අතර, තම රටේ සිටින ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ ආරක්ෂාව සහ සෞඛ්‍යය සහතික කිරීම සඳහා සිය රජය අඛණ්ඩව කටයුතු කරන බවට සහතික කොට තිබෙන බව වාර්තාවේ දැක්වෙන්නේ.

කොරෝනා වෛරසයට එරෙහිව චීනය මුහුණදී තිබු තීරණාත්මක මොහොතක ශ්‍රී ලංකා සමාජයේ විවිධ කොටස් තම රටට ලබාදුන් ක්‍රියාකාරී සහය සම්බන්ධයෙන් චීන ජනාධිපතිවරයා මෙහිදී සිහිපත් කොට ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ශක්තිමත් නායකත්වය යටතේ ශ්‍රී ලංකාව තුල කොරෝනා වසංගතය ප්‍රතිඵලදායි ලෙස පාලනය කර ඇති බවත් අවශ්‍ය ඕනෑම මොහොතක ශ්‍රී ලංකාවට සහයෝගය ලබාදීමට චීනය ඉදිරිපත්වන බවත් මෙහිදී ජනාධිපති ෂී ජින් පිං ප්‍රකාශ කර ඇත.

මුල් අවධියේදීම ශ්‍රී ලංකාවේ ජනතාව කොරෝනා වසංගතය පරාජය කරනු ඇතැයි චීන ජනාධිපතිවරයා මෙහිදී සිය විශ්වාසය පළ කොට ඇති බවයි Xinhua ප්‍රවෘත්ති සේවය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ

Related posts

රනිල් වික්‍රමසිංහ රටට නොගැලපෙන නව රිබරල්වාදී දක්ෂිනාන්තික දේශපාලකයෙක්

colombotoday

ආනයනික බිත්තර සිල්ලර වෙළෙඳපොළට නිකුත් කිරීම ගැන තීරණයක් ගෙන නෑ…

Admin

ශිවාජිලිංගම් සහ විග්නේෂ්වරන් ජාතිවාදය අවුස්සනවා – ශාන්ත බණ්ඩාර

colombotoday

මහෙන්ද්‍රන් පන්නනු, කොළඹ විරෝධතා..රෝහිත අබේගුණවර්ධන බැරියරයක හිරවී රෝහලේ

colombotoday

මිහින්තලා රජ මහ විහාරස්ථානයේ විදුලිය විසන්ධි කරයි

Admin

අනතුරකින් සිසුන් 14ක් රෝහලේ

colombotoday