Colombo Today Local News

පැරිස් ශ්‍රී ලංකා බෞද්ධ මධ්‍යස්ථානයට ත්‍රස්තවාදී තර්ජණ !

france buddhist vihara

පසුගිය සිකුරාදා ප්‍රංශයේ පැරිස් නුවරට එල්ල වූ අයි.එස් ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව පැරීසියේ ශ්‍රී ලංකා ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයට ද ත්‍රස්තවාදී තර්ජණ එල්ල වෙමින් පවතින බවට තොරතුරු වාර්තා වනවා. ඒ පිළිබද වැඩිදුර තොරතුරු ඉදිරියේදී බලාපොරොත්තු වන්න.

ප්‍රංශයේ පැරිස් නුවර ඊළාම්වාදී ඩයස්පෝරාවේ ක්‍රියාකාරකම් බහුලව සිදුවන ස්ථානයක් ලෙසයි සැළකෙන්නේ. මීට වසර කිහිපයකට පෙර කොටි හිතවාදීන් විසින් පැරිස් ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයට ප්‍රහාරයක් එල්ල කර තිබුණු අතර ඉන් පසුවද යම් යම් බාධාවන් එල්ල කර ඇති බව වාර්තා වූණා.

පසුගියදා එල්ල වූ අයි.එස් ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ වූ ත්‍රස්තවාදීන් පැළද සිටි පුපුරණ ද්‍රව්‍ය අඩංගු කබාවල තාක්ෂණය කොටි ත්‍රස්තයන්ගේ තාක්ෂණ ක්‍රමවේදයට සමාන බවත් ඒ පිළිබදව අන්තර්ජාතික පොලීසිය හා ඒකාබද්ධව පරීක්ෂණ අරඹා ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

වන්නි මෙහෙයුමට අවසන් වීමට පෙර කොටි පුපුරණ ද්‍රව්‍ය විශේෂඥයන් කිහිප දෙනෙක් යුරෝපා රටවලට පැනගොස් ඇති අතර ධර්මරාජන් නමැති කලු කොටි ත්‍රස්තයා මීට මාස කිහිපයකට පෙර ප්‍රංශයේ දී පොලීසියට හසු වී තිබෙනව බව සදහන් වනවා.

 

Related posts

ත්‍රස්තවාදීන්ට මරණ දණ්ඩනය දෙනවා..

colombotoday

ගතවූ පැය 24 තුළ බස්නාහිර පළාතේ දී සැකකරුවන් 376ක් අත්අඩංගුවට

colombotoday

බංගලාදේශයේ පැය 19ක විදුලි කප්පාදුවක්

Admin

දෙහිවල සම්පත් බැංකුවේ යකා නටපු මුස්ලිම් ජාතිකයා වහබ්වාදී ශ්‍රී ලංකා තවුහිඩ් ජමාත් සාමාජිකයෙක්?

colombotoday

දියතලාව බස් පිපිරීම සැක සහිතයි – මේජර් ජෙනරල් කමල් ගුණරත්න

colombotoday

සැක සහිත මළ සිරුරක් මුහුදු වෙරලේ

colombotoday