Colombo Today Local NewsUncategorized

රට පෙරළූ “ආප්පය” රුපියල් 5කින් නගී… භාණ්ඩ 6කට උපරිම මිල සීමා

ආප්පය තරම් පසුගිය කාලයේ ආන්දෝලනයට, කතා බහට ලක් වූ ආහාරයක් තවත් නොතිබිණි. වත්මන් ආණ්ඩුව බලයට පත්වී නොබෝ දිනකින්ම ආප්පයට සහන මිලක් දුන්නේද ආණ්ඩු පෙරළියේ සංඛේතය ආප්පයක් වූ බැවින් විය හැකිය. කෙසේ නමුත් ඒ ආප්පයේ මිල ඉහළ දැමීමට ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර ඇත.

ඒ අනුව ආප්පයක් රුපියල් 5කින් මිල ඉහළ යන අතර කිරි තේ කෝප්පයක්ද රුපියල් 5කින් ඉහළ දැමීමට තීරණය කර ඇත. ඒ සමගම තවත් ආහාර වර්ග කිහිපයක මිල ඉහළ දැමීමට තීරණය කර ඇති බව ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි.

මේ අතර එළඹෙන උත්සව සමය ඉලක්ක කරගනිමින් භාණ්ඩ 6ක් සදහා උපරිම සිල්ලර මිලක් පැනවීමට පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරය තීරණය කර තිබේ.

පරිප්පු කිලෝග්‍රෑමයට උපරිම සිල්ලර මිල රුපියල් 190ක්
අර්තාපල් කිලෝග්‍රෑමයක් රුපියල් 145ක්
ලොකු ළූණු කිලෝග්‍රෑමයක් රුපියල් 155ක්
සම රහිත කුකුල් මස් කිලෝග්‍රෑමයක් රුපියල් 480ක්
පැකට් කළ තිරිගු පිටි කිලෝග්‍රෑමයක උපරිම සිල්ලර මිල වන්නේ රුපියල් 95ක්
වියළි මිරිස් කිලෝග්‍රෑමයක් රුපියල් 355ක්

වශයෙන් මෙම උපරිම සිල්ලර මිල හෙට දිනයේ සිට ක්‍රියාත්මක කරන බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසයි.

Related posts

ජනාධිපතිවරණය මෙම වසේරේ පැවැත්වෙනවාදැයි ස්ථිර නෑ

colombotoday

නන්දලාල් කට වහගන්න මාලිමාවෙන් අනතුරු ඇගවීමක්

Admin

පාස්කු ප්‍රහාරය : රාජකාරිය පැහැරහැරී කටාන පොලිස් බුද්ධි අංශ සැරයන් ගෙදර යවයි

Admin

බයිපාස් කළ ඇමති රාජිත ආපසු එයි

colombotoday

රඹකැන් ඔය ආශ්‍රිත වනාන්තර සහිත ඉඩම් මහවැලි අධිකාරිය ව්‍යාපාරිකයන්ට බදු දීලා

colombotoday

අත්අඩංගුවට ගත් ව්‍යාජ වෛද්‍යවරයා

Admin