Colombo Today Local NewsCovid 19

බේරුවල මව සහ බිළිඳා කොළඹ යවා, වෛද්‍ය කණ්ඩායම නිරෝධනයට

බේරුවල පන්නිල කොරෝනා ආසාදිත ගැබිනි මව අද (04) අලුයම කළුතර නාගොඩ රෝහලේදී බිහි කළ බිළිඳා සමග කොළඹ නෙවිල් ප්‍රනාන්දු රෝහලට යොමු කර ඇත.

බිළිදාගේ රුධිර සාම්පල පරීක්ෂාවට යොමු කර ඇති අතර එම  සාම්පල පරීක්ෂාවට ජාතික වෛද්‍ය පර්යේෂණ ආයතනයට යොමු කර ඇතැයි කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය මහේෂ් කරුණාතිලක මහතා අද(04) දහවල් පැවසීය.

මේ අතර කළුතර නාගොඩ මහ රෝහලේ වෛද්‍යවරයා ඇතුළු කාර්ය මණ්ඩලයේ 6 ක් ස්වයං නිරෝධායනයකට ලක් වීමට කැමැත්ත පළ කර ඉන් හතර දෙනෙකු සිය නිවාසවලට යොමු කර අනෙකුත් දෙදෙනා වෙනත් පුද්ගලික නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කිරීමට කටයුතු සලසා ඇතැයි හෙතෙම සදහන් කළේය .

දරුවා බිහි කළ මව ගැබිනි වාට්ටුවෙන් වෙන් කර වෙනත් විශේෂ ඒකකයකදී ප්‍රසූතිය සිදු කිරීමට රෝහල් කාර්ය මණ්ඩලය කටයුතු කර තිබේ.

Related posts

ජලාශ රැසක වාන් දොරටු ඇරේ

colombotoday

Video – අනාතවූ බෝගස්වැව අහිංසකයන්ට දැම්ම පොලිස් පාට්

colombotoday

තවත් කොවිඩ් මරණ 48ක්

colombotoday

යූ.එන්.පී. පත්වීම් 5000ක්‌ ජනපති අණින් නවතී

colombotoday

විමල් FCID යේ.. අත්අඩංගුවට ගැනීමට සූදානම් !

colombotoday

රංජිත් සොයිසා ශ්‍රීලනිප සංවිධායක ධුරයෙක් ඉවතට

colombotoday