Colombo Today Local NewsCovid 19

ඊයේ පුත්තලමේදී හමුවූ කොරෝනා ආසාදිතයින් 10 ක් අයි ඩී එච් රෝහලට

පුත්තලම සහිරා ජාතික පාසලේ නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි කොරෝනා ආසාධිතයින් 10 දෙනෙකු අයි ඩී එඩ් රෝහලට යුද හමුදා ආරක්ෂාව යටතේ යැවු බව පුත්තලම 143 වන බල සේනාධිපති බ්‍රිගේඩියර් ධම්මික දිසානායක මහතා පැවසි.
 
මෙම ආසාධිතයින් අතර පිරිමි 8 දෙනෙකුද කාන්තාවන් 2 කුද සිටින බව කියය.
 
මොවුන් 29 දින පුත්තලම සහිරා ජාතික පාසලේ ස්ථාපිත කරන ලද නිරෝධායන මධ්‍යස්ථානයට ඇතුල් වි සිටි පිරිසකි.
 
ඊයේ (31) රාත්‍රීයේදී  මෙම පිරිස අයි ඩී එච් රෝහලට රැගෙනවිත් ඇත.
 
කෙසේ නමුත් අදාල පිරිස වෛද්‍ය පරික්ෂණ මගින් කොරෝනා ආසාධිතයින් ලෙස සනාත විමත් සමග ප්‍රථිකාර සදහා අයිඩීඑච් රෝහලේ විශේෂ කොරෝනා ඒකකයට යැවිමට කටයුතු කර තිබුණි.
 
අදාල ආසාධිතයින් 10 දෙනා 31 දින රාත්‍රි 11 ට පමණ යුධ හමුදා ආරක්ෂාව යටතේ යැවිමට කටයුතු කර තිබු අතර යුධ හමුදා බස්රථයේ රියදුරු හා යුධද සෙබළුන් කොරෝනා ආරක්ෂීත ඇදුමින් සැරසි ආරක්ෂීතව මෙම පිරිස රැගෙන යාම සිදුව තිබුණි. 

Related posts

ඉල්ලුමට සරිලන සැපයුම් නෑ.. එළවලු මිළ ඉහළට.. කිලෝව 150 පනී

colombotoday

ශ්‍රී ලංකා රජය ද්‍රවිඩ ජනතාව දස දහස්‌ සංඛ්‍යාවක්‌ ඝාතනය කළා – විග්නේශ්වරන්ගෙන් ජිනීවා වෙත පැමිණිල්ලක්‌

colombotoday

කසල තේ කිලෝ 7000ක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

Admin

ජනපතිගේ වෙබ් අඩවිය හැක් කළ සිසුවා අවුරුදු 03ක් පරිවාස භාරයට

colombotoday

දැයම එක රොදකට බොදු බල සේනා මහනුවර රැලියේදී ඉදිරිපත් කෙරුණු යෝජනා මෙන්න

colombotoday

“නායකයන් ටික අල්ලා ළගදීම හිරේ දමනවා.. එතකොට අලුත් පක්ෂය ඉවරයි“ – රාජිත

colombotoday