Colombo Today Local NewsCovid 19

පුත්තලම සහිරා විද්‍යාලය නිරෝධායන මධ්‍යස්ථානයකට

නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස නම් කෙරුණ පුත්තලම සහිරා ජාතික පාසලේ කටයුතු සුදානම් බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් චන්ද්‍රසිරි බංඩාර මහතා පවසයි.

පුත්තලම නගරයෙන් කොරෝනා ආසාදිතයකු හමුවිමත් සමග අදාල ආසාදිතයා ඇසුරු කල හා සම්බන්ධකම් පැවැත්වු පවුල් 11 ක සාමාජීකයින් 45 දෙනෙකු මුලික අදියරේදි නිරෝධායන කටයුතු සදහා යොදා ගැනිමට යුද හමුදාව සහිරා ජාතික පාසල සකස් කිරිම අද (29) ආරම්භ කෙරුණි.

මේ සදහා සහිරා ජාතික පාසලේ පංති කාමර 20 ක් සුදානම් කර ඇති බව කියයි. ඒ සෑම කාමරයකම ඇදන් 5 බැගින් අදාල පහසුකම් සපයා දි තිබු අතර මෙම පිරිස අද 29 සවස නිරෝධායන කටයුතු සදහා රැගෙන එමට නියමිතව තිබේ.

මේ සදහා යුධ හමුදාවේ 58 වන බල සේනාංකයේ සේනාධිපති බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු 143 වන බල සේනාවේ සේනාධිපති බ්‍රිගේඩියර් ධම්මික දිසානායක මහතාගේ මෙහෙය විමෙන් යුධ හමුදා වෛද්‍ය කණ්ඩායම් සේම සෙසු යුද හමුදා කණ්ඩායම් සුදානම් කර තිබුනී.

Related posts

පාසලක බිත්ති දෙකකට සිරවූ දැරියක් බේරා ගනී

Admin

කාලකණ්නි කලාකාරයේ පිටරට ගිහින් කුඩුු ගහල ජාතිය වනසනව – සදුන් විජේසිරි

colombotoday

SAITM වීරෝධී සිසුන්ට එරෙහි විරෝධයට රාජිත සෞඛ්‍ය සේවකයන් බලෙන් ගෙන්වයි !

colombotoday

ශ්‍රී ලංකාවේ දිනක් තුල සිදුවූ කොරෝනා මරණ වාර්තාව අදත් අලුත් වෙයි.

colombotoday

ගංජා ද්‍රාවණයක් ලෙස සැකසූ ‘හෑෂ් ඔයිල්’ මිලියන 2ක ගංජා බෝතල් 6 ක් සොයා ගනී.

colombotoday

දුම්රිය අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට

Admin