Colombo Today Local NewsCovid 19

නිරෝධායනය කඩ කර නගරයට ආ පුද්ගලයකු බණ්ඩාරවෙලින් අත්අඩංගුවට

නිරෝධායනයට ලක් කර සිටි පුද්ගලයකු නිරෝධායනය කඩකර බණ්ඩාරවෙල නගරයට පැමිණ සිටියදී අද (26) අත්අඩංගුවට ගත් බව බණ්ඩාරවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය කියයි.

බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයා නිරෝධායන හා රෝග ස්පර්ශයකින් වෙන්කර තැබීමේ පනත යටතේ චෝදනා ගොනු කර බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළ විට ඔහුව දින දාහතරක් නැවත නිවසේදීම ස්වයං නිරෝධායනයට යොමු කර මැයි මස 12 වැනි දින නැවත අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් කීර්ති කුඹුරු හෙන මහතා නියෝග කළේය.

බණ්ඩාරවෙල කොල තැන්න පදිංචි මොහු සංචාරක මගපෙන්වන්නකු බව සෞඛ්‍ය අංශ කියයි .

නිරෝධායන උපදෙස් කඩ කර ඇඳිරි නීති ඉවත් කළ අවස්ථාවේදී බණ්ඩාරවෙල නගරයට පැමිණ සිටියදී බණ්ඩාරවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍යය පරීක්ෂකවරුන් පිරිසක් විසින් මොහු අත්අඩංගුට ගෙන තිබුණි .

බණ්ඩාරවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Related posts

Ceylon Princess මව් රටට එයි.. ණයබර වැඩියි.. හිතට එකග නැති තීරණත් ගන්න වෙයි – වරාය ඇමති

colombotoday

එන සතියේ මං ආණ්ඩුවේ – රාජිත

colombotoday

2024 අයවැය යෝජනා අද පාර්ලිමේන්තුවට

Admin

බස් රථයක් ඇළකට පෙරළී 18ක් රෝහලේ

colombotoday

මධ්‍යම අධිවේගී මාර්ගය ඉදි කිරීමේදී සිදුකල මගඩි රැසක් එලියට

colombotoday

බෙදුම්වාදීන්, වහාබ්වාදීන් රොත්තම එකට තබා පරදවති… හත් වන විධායක ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය ජනාභිෂේකය ලබයි…!

colombotoday