Colombo Today Local NewsCovid 19

ඉතාලියෙන් ආ 65කට උසාවියෙන් නියෝගයක් !

ඉතාලිය ඇතුළු විවිධ රටවල් වලින් මෙරටට පැමිණි සිටි පුද්ගලයින් 65 දෙනෙකුට තමන් පදිංචි නිවාස වලින් අත්‍යාවශ්‍ය මානුෂීය කටයුත්තකට හැර වෙනත් කිසිදු කටයුත්තකට දින 14 ක කාලයක් බැහැර නොවන ලෙස මාරවිල දිසා විනිසුරු හා ප්‍රධාන මහේස්ත්‍රාත් හේෂාන්ත ද මෙල් මහතා තහනම්  නියෝගයක් නිකුත් කරන ලදි.

දිසා විනිසුරුවරයා විසින් මෙසේ තහනම් නියෝගයක් නිකුත් කරන ලද්දේ නාත්තන්ඩිය,කටුනේරිය,මාවිල සහ මාරවිල ප්‍රදේශ වල පදිංචිකරුවන් පිරිසකටය.

දිසා විනිසුරුවරයා විසින් මෙම නියෝගය නිකුත් කරන ලද්දේ නාත්තන්ඩිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය උපුල් ජයතිලක මහතා විසින් අධිකරණයෙන් කරන ලද ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවය.

වර්ග කිලෝ මීටර් 74.4 ක භූමියක 68406 දෙනෙකුගෙන් සමන්විත ජනගහනයක් වෙසෙන නාත්තන්ඩිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ මහජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය පවත්වා ගෙන යාම සදහා සහාය වන ලෙස අධිකරණයට කරුණු දක්වමින් වෛද්‍ය උපුල් ජයතිලක මහතා කියා සිටියේය.

දණ්ඩ නීති සංග්‍රහයේ 263 වගන්තිය ප්‍රකාරව සහ අපරාධ නඩු විධි විධාන සංග්‍රහයේ 136(ආ) වගන්තිය අනුව තමන් මෙම ඉල්ලීම සිදු කරන බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා
සිටියේය.

මේ වන විට ඉතාලිය ඇතුළු වෙනත් රටවල් වලින් මෙරටට පැමිණ සිටින ඇතමුන් නිරෝධායන කටයුතකු වලට ලක් නොවීමෙන් සහ ඒ සම්බන්ධයෙන් කටයුතු කරන සෞඛ්‍ය නිලධාරීන්ගේ උපදෙස් වලට අවනත නොවී කටයුතු කරන බවත්,එම පිරිස 65 දෙනෙකු වන බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා  අධීකරණය හමුවේ කියා සිටියේය.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී උපුල් ජයතිලත මහතා විසින් අධිකරණ හමුවේ සිදු  කරන ලද දීර්ඝ කරුණු දැක්වීමෙන් අනතුරුව දිසා විනිසුරුවරයා විසින් අදාල නියෝගය නිකුත් කරන ලදි.ඒ අනුව සෞඛ්‍ය නිලධාරීන් විසින් නම් කර ඇති 65 දෙනාට වෙන වෙනම අදාල නියෝගය නිකුත් කිරීමටත් දිසා විනිසුරුවරයා කටයුතු කරන ලදි.

අත්‍යාවශ්‍යම මානුෂීය කටයුත්තක් සදහා සෞඛ්‍ය නිලධාරීන්ගෙන් නිසි අවසරයක් ගෙන තමන් පදිංචි නිවෙස් වලින් බැහැරව යා හැකි බවත්,එසේ නොවන සෑම අවස්ථාවකදීම තම තමන්ගේ නිවෙස් වලම රැදී සිටින ලෙසටද දිසා විනිසුරුවරයා අවවාද කරමින් තම නියෝගය නිකුත් කරන ලදි.

Related posts

දිවයිනේ සියලු පාසල් මැයි 07 දක්වා පාසැල් වැසෙයි.

colombotoday

කාබනික පොහොර ආනයනයට රජයේ ආයතන දෙකකට අනුමැතිය

colombotoday

‘පොඩි ලැසී’ හමුවීමට නීතිඥයින්ට අවසර

colombotoday

මුහුදේ ගිලී දරුවෙක් අතුරුදන්

Admin

මුස්ලිම් කාන්තාවට ෂරියා නීතිය යටතේ දඬුවම් කිරීමෙන් ප්‍රසිද්ධ වූ අටුළුගම ගම්මානය කොරෝනා නිසා අගුළු දමයි

colombotoday

ATM යන්ත්‍රයකට බැර කිරීමට තිබූ මුදල් පැහැර ගත් වෑන් රථ රියදුරෙක් අත්අඩංගුවට

colombotoday