Colombo Today Local News

ගෙවුණු පැය 24 තුල කොරෝනා මරණ 103ක් !

චීනය පුරා මහත් ව්‍යාසයනක් ඇතිකරමින් ව්‍යාප්තවන නව කොරොනා වෛරස ආසාදනයෙන් මියගිය පිරිස දහස ඉක්මවාගොස් තිබේ.

ගෙවුණු පැය 24 තුළ, චීනයේ හුබෙයි පළාතෙන් පමණක් පුද්ගල මරණ 103ක් වාර්තා වී තිබුණි.

මෙය, ඉතිහාසයට එක්වන්නේ වෛරස ව්‍යාප්තියේ ආරම්භයත් සමග එක්දිනකදී වාර්තා වූ වැඩිම පුද්ගල මරණ සංඛ්‍යාව ලෙසයි.

මේ අතර වෛරස ආසාදිතයන්ගේ සංඛ්‍යාවද 42 200ක් ලෙසින් ඉහළ ගොස් තිබුණි.

මේ අනුව කොරෝනා ආසදනය හේතුවෙන් චීනයේ පමණක් සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව 1 011ක් වන අතර නව කොරෝනා නියුමෝනියාව හේතුවෙන් සිදුවූ මරණ ගණන අද වනවිට 1 013 ක් දක්වා ඉහළ ගොස් තිබෙන්නේ නව මරණ 103ක් අලුතින් වාර්තා වීමත් සමඟයි.

එය වෛරසය නිසා දිනක් තුළ වාර්තා වූ වැඩිම පුද්ගල මරණ සංඛ්‍යාවද වෙයි.

ලොව පුරා අද වන විට වාර්තාවන ආසාදිතයන් සංඛ්‍යාව 42,200 ඉක්මවා තිබේ.

වෛරසය වැළඳුණු විදේශකයන් 22 දෙනෙකුද චීනය තුළ ප්‍රතිකාර ලබන බව එරට විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

කෙසේ නමුත් වෛරසයේ ව්‍යාප්තිය 20%කින් පමණ අඩු වී ඇති බව චීන සෞඛ්‍ය බලධාරීන් සඳහන් කරයි.

Related posts

ඇල්ල ප්‍රාදේශීය සභාවේ අයවැය වැඩි ඡන්ද 7 කින් පරදී

colombotoday

‘යුක්තිය’ මෙහෙයුමෙන් තවත් 1,184 ක් දැලේ…

Admin

රෝහල් 600කට පුළුල් තිර රුපවාහිනී

colombotoday

අධිවේගයේ අනතුරකින් කතක් මරුට… 5ක් රෝහලේ..

colombotoday

ජනපති ඉල්ලා අස්වන බව නිල වශයෙන් දැනුම් දෙයි

colombotoday

ඇසිඩ් සමඟ කසිප්පු මාරු වී ගරාජ් බාස් මරුට

colombotoday