Colombo Today Local News

සජිත්ගේ අලුත් සන්ධානය ‘ජාතික සමගි බලවේගය‘… ලකුණ හදවත…

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් පිහිටුවන නව සන්ධානය, ‘සමගි ජාතික බලවේගය’ ලෙස නම් කර ඇති අතර

එහි ඡන්ද ලකුණ ලෙස ‘හදවත’ තෝරාගෙන ඇති බව මැතිවරණ කොමසාරිස් කාර්යාල ආරංචිමාර්ග පවසයි.

එම පක්ෂය ලියාපදිංචි කිරීමට අදාල ලියකියවිලි අද (10) පෙරවරුවේ දී මැතිවරණ කොමසාරිස් කාර්යාලයට බාර දී ඇතැයි ද පැවසේ.

මේ අතර එක්සත් ජාතික පෙරමුණ ප්‍රමුඛ නව සන්ධානයේ නම සහ ලකුණ පිළිබඳත් එම සන්ධානයේ ලේකම් කව්රුන්ද යන්න පිළිබඳවත් අවසන් තීරණයක් ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ විශේෂ රැස්වීමක් ‘සිරිකොත’ එජාප මූලස්ථානයේ දී අද(10) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබේ. එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් එම රැස්වීම පැවැත්වේ.

Related posts

අගමැති වෙනුවෙන් භික්ෂුන් වහන්සේනමක් ගෝල්ෆේස් එකේ සියදිවි නසාගන්න යයි (VIDEO)

colombotoday

ධීවර හා ජලජ සම්පත් සංශෝධන පනතට ආංශික කමිටුවේ අනුමැතිය

Admin

ඉන්දියන් සම්බා සහල් තොගයේ පළමු කොටස ඉදිරි දෙසතිය තුළ දිවයිනට

Admin

කටුනායක ප්‍රහාරයෙන් කොටි සාමාජිකයා නිදහස් කෙරේ.. නීතිපති නඩුව ඉල්ලා අස්කරගනී !

colombotoday

‘මෙවර අයවැයෙන් ජනතාවට කිසිම සහනයක් නැහැ..’

Admin

ෆෙඩරල් හැර වෙන විසදුමක් නෑ – විග්නේෂ්වරන්

colombotoday