Colombo Today Local News

රත්නප්‍රිය ගේ මන්ත්‍රීකම මාසයයි… දෙකෝටියක වාහන බලපත්‍ර සමග තවත් වරප්‍රසාද තොගයක් !

පෙරේදා නවක මන්ත්‍රිවරයෙකු ලෙස දිවුරුම් දුන් සමන් රත්නප්‍රිය මහතාට මන්ත්‍රීවරයෙකුට ලැබෙන විශේෂ වරප්‍රසාද හිමිවී ඇත.

ඩොලර් 65.000ක් වටිනා තීරු බදු සහන සහිත වාහන බලපත්‍රයක්, නිල නිවසක් විශේෂ දීමනා සහ ආරක්ෂාවක්ද ඔහුට ඒ අනුව හිමිවේ.

සාමාන්‍යයෙන් තීරු බදු සහන සහිත වාහන බලපත්‍රයක් විකිණීමෙන් රුපියල් කෝටි දෙකක පමණ මුදලක් හිමිකර ගැනීමට ඔහුට හැකි වෙයි.

පසුගිය වසර පහ පුරා නිර්පාක්ෂික සිවිල් සමාජ ක්‍රියාකාරිකයෙකු යැයි හදුන්වාගනිමින් යහපාලන රජය වෙනුවෙන් පෙනී සිටි ඔහු, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න මහතා මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු එම ධුරය සඳහා එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තුවෙන් පත් කරන ලද්දේ පාර්ලිමේ්න්තුව විසුරුවීමට මාසයකට අඩු කාලයක් තිබියදීය.

Related posts

ශ්‍රී ලංකාවේ කොරෝනා මරණ ආදාහනය කිරීමට ඉස්ලාම් ආගම හරස් වේ. ඊයේ මියගිය මුස්ලිම් ජාතිකයා ආදාහනය කිරීමට විරෝධයක්

colombotoday

සිංහල බෞද්ධයන්ට එක නීතියක්, සුළු ජාතික අන්තවාදීන්ට තව නීතියක්.. මේකද සංහිදියාව ??

colombotoday

කොටි පරදවන්න මා සුවිශාල කාර්යයක් කලා, කාඩ්බෝඩ් වීරයන්ට මතක නෑ.. කොටින්ගේ ඝාතන ලයිස්තුවේ මා සිටියේ උඩින්මයි.

colombotoday

ආණ්ඩුව ගැන තිබුණු විශ්වාසය නැතිවුණා…

colombotoday

රටේ ආර්ථිකය ඉවරයි ! ජනපතිගේ රතු කට්ට පනී.. අගමැතිගේ මූණටම දොස්මුරයක්..

colombotoday

බස් ගාස්තු රුපියලකින්ම අඩු කරයි

Admin