Colombo Today Local News

අගමැති කාර්යාලයේ යහපාලනය තිබ්බට ජනපති කාර්යාලයේ එහෙම එකක් නෑ – එජාප මන්ත්‍රීනි

5a994d28be53f1424046a181d75dae54_Lඅද වන විට යහපාලනය ඇත්තේ අගමැති කාර්යාලයේ පමණක් බවත් ජනාධිපති කාර්යාලයේ ඇත්තේ ශ්‍රීලනිප පාලනය බවත් එජාප මාතලේ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රිනී රෝහිණී විජේරත්න කවිරත්න මහත්මිය පවසයි.

ඇත්ත කතාකිරීමට තමන් කිසිසේත් බිය නොවන බව පැවසූ මන්ත‍්‍රිවරිය තමන් මේ පිළිබදව අගමැතිව ලිඛිතව දැනුම්දෙන බවත් කියා සිටියාය.

පසුගියදා මාතගේ ලග්ගල ප‍්‍රදේශයේ ජනාධිපතිවරයා සිදු කරන ලද සංචාරයේදී තම ආසනයේ ජනතාව අමතා ගියත් එහිදී ජනතා ප‍්‍රශ්න සම්බන්ධයෙන් ජනපතිවරයා දැනුම්වත් කිරීමට සුදානමින් සිටි තමන්ගේ කතාව පවා න්‍යාය පත‍්‍රයෙන් ඉවත්කර තිබූ බවද ඇය පැවැසුවාය.

ලග්ගල එ.ජා.ප. ප‍්‍රධාන සංවිධායිකාව වන තමන්ගෙන් ප‍්‍රදේශයේ ජනතාවට පවතින ප‍්‍රශ්න පිළිබදව විමසීමක් හෝ නොකළ බවත් කියා සිටි ඇය එජාප පාක්ෂිකයන් විසින් පත්කළ ජනාධිපතිවරයා ලග්ගලට එද්දී කොළපාට කොඩියක් දැමීමට නොහැකි බවත් ශ්‍රීලනිප රැුස්වීමක් හැටියට මොරගහකන්ද නිදන් තැන්පත් කිරීම, පොලිසිය විවෘත කිරීම, රජයේ ගොඩනැගිලි රැුසක් විවෘත කිරීම සිදුකෙරුණු බවත් කවිරත්න මහත්මිය කීවාය.

Related posts

මාව එලවා දමා මෛත්‍රී පාර්ලිමේන්තු එන්න හදනවා – ෆවුසිගෙන් චෝදනා

colombotoday

කොච්චිකඩේ මරාගෙන මැරුණු ත්‍රස්තයාගේ බිරිද පළමු දරුවා බිහිකරයි…

colombotoday

ඒකාබද්ධයේ අයට අලුත් පක්ෂය තහනම්.. ගියොත් මන්ත්‍රීකමත් අහෝසියි !

colombotoday

ලංකාවේ නිල ණය හිමියන් ණය ප්‍රතිව්‍යුහගතකරණයට එකඟ වූ බව ෂෙහාන් මැති සබයට සතුටින් දැනුම් දෙයි

Admin

අන්තරේ විරෝධතාවකට අධිකරණයෙන් නියෝගයක්

Admin

ශරීයා මූල්‍යකරණය නීතිගත කරන්න මුස්ලිම් ඇමති පිරිසකට සෞදියෙන් ඩොලර් මිලියනයක අල්ලසක් !

colombotoday