Colombo Today Local News

හමුදාවන්ට උපකරණ ගන්න ඉන්දියාවෙන් ඩොලර් මිලියන 50ක්

ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් මහතා අද (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු විය.

ක්ෂේත්‍ර කිහිපයක ද්විපාර්ශ්වික සබඳතා වැඩිදියුණු කර ගැනීම පිළිබඳව මෙහිදී අදහස් හුවමාරු කර ගැනිණ. දෙරටේ ආරක්ෂක හමුදා අතර වඩා ශක්තිමත් සහයෝගීතාව, සාමුද්‍රීය ආරක්ෂාව, දෙරටේ වෙරළාරක්ෂක හමුදා අතර සහයෝගීතාව සහ අන්තර් ක්‍රියාකාරිත්වය වර්ධනය කිරීම යන කරුණු පිළිබඳව සාකච්ඡාවට ලක් විය.

ශ්‍රී ලංකාව, මාලදිවයින සහ ඉන්දියාව අතර සාමුද්‍රීය කලාප පිළිබඳ දැනුම සමාලෝචනය කිරීමේ වැදගත්කම දොවාල් මහතා පෙන්වා දුන්නේය. සෙසු කලාපීය රාජ්‍යයන් ද නිරීක්ෂකයන් ලෙස මේ ක්‍රියාදාමයට හවුල් කරගත යුතු බව ඔහු පැවසීය.

රහස්‍ය තොරතුරු එක්රැස් කිරීමේ තාක්ෂණය සඳහා ශ්‍රී ලංකාවට උදව් කිරීමට ඉන්දියාව ප්‍රතිඥා දුන්නේය. ආරක්ෂක සහයෝගීතාව ශක්තිමත් කිරිමේ පියවරක් ලෙස ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදාවන් සඳහා උපකරණ මිලට ගැනීමට ඇමරිකානු ඩොලර් මිලියන 50ක් සපයන බව ද ඔහු කීය. පෘථිවි සම්බන්ධීකරණ කේන්ද්‍රයක් පිහිටුවීම ගැන ද සාකච්ඡා කෙරිණ.

Related posts

විශ්වාසභංගය ආණ්ඩුව පරාජය කළ හොත් ජනතාවත් පරාජයට පත් වෙනවා | විශ්වාසභංගය පාර්ලිමේන්තුවට

Admin

සහරාන් එක්ක හිටිය ෆොටෝ එලියට දැම්මට සිංහලයෝ මාව අවිශ්වාස කරන්නේ නෑ – රවුෆ් හකීම්

colombotoday

තෙල්දෙණියට, පල්ලේකැළේට නැවතත් පොලිස් ඇදිරිනීතිය

colombotoday

බස්නාහිර පළාතේ එන්නත් නොගත් පුද්ගලයින් සොයා සමීක්ෂණයක්..

colombotoday

ශ්‍රී ලාංකික විද්‍යාඥයින් පිරිසක් අලුත් සෞරග්‍රහ මණ්ඩලයක් සොයා ගනී…

colombotoday

කොළඹ රාජකීය විදුහල්පතිටත් මුදල් අක්‍රමිකතා චෝදනා

colombotoday