Colombo Today Local News

වෙන්නප්පුවේ යකා නැටූ එජාප මන්ත්‍රීවරියගේ පියා කසිප්පු සමග මාට්‌ටු.

පසුගිය දා සමාජ මාධ්‍ය ඔස්සේ ආන්දෝලනාත්මක වූ එක්සත් ජාතික පක්ෂ වෙන්නප්පුව ප්‍රාදේශිසභා මන්ත්‍රීනී දුලක්ෂි ප්‍රනාන්දුගේ පියා නීතිවිරෝධී මත්පැන් තොගයක් සමගින් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මත්පැන් නීති විරෝධී මත්පැන් බෝතල් 48ක් සමගින් ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ වෙන්නප්පුව ප්‍රදේශයේදීයි.

අදාළ මන්ත්‍රීවරිය ද පසුගියදා පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළැයි අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමෙන් පසු ඇප මත නිදහස් වී සිටිනවා.

ඇගේ නැගණිය රියදුරු බලපත්‍රයක් රහිතව යතුරුපැදියක් ධාවනය කිරීමේදී වෙන්නප්පුව, සීනෝර් හන්දිය ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් විසින් ඇය නතර කොට රාජකාරි කටයුතු සිදුකරමින් සිට ඇති අතර පසුව එම ස්ථානයට පැමිණි ඇගේ සහෝදරිය වන වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ එජාප මන්ත්‍රීවරිය කළහකාරීව හැසිරෙමින් පොලිස් රාජකාරිවලට බාධාකර තිබුණා.

ඩොන් ශ්‍යාම්

Related posts

බුද්ධගයා මහා විහාරයට දැඩි ආරක්ෂාවක්

colombotoday

ඩොලරය ඓතිහාසික වාර්තාවක් තබයි… රුපියලට අබසරණයි !

colombotoday

සාම්පූර් දාගැබ ඩෝසර් කිරීම ගැන කටක් නාරින අය පලස්තීනය වෙනුවෙන් කොළඹ යකා නටනවා

colombotoday

පළාත්සභා මැතිවරණයට දින තීන්දු වෙයි

colombotoday

මීගමුව බන්ධනාගාරයට ආ පාර්සල්

colombotoday

විදුලි බිලට එරෙහි වූ හිමිනමක් ඇතුළු විරෝධතාකරුවන් 6ක් අත්අඩංගුවට

Admin