Uncategorized

පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරය ගන්න ජනපතිට සම්පූර්ණ සහය දෙනවා – මෛත්‍රී

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර බලයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පූර්ණ සහය ලබාදෙන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

කළුතර අද පැවැති උත්සවයකට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා.

හිටපු ජනාධිපති – මෛත්‍රීපාල සිරිසේන

ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වය තුළ මේ රටේ අලුත් ආණ්ඩුවක් හදන්න පසුගිය නොවැම්බර් මාසයේ පැවැති ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පූර්ණ කැපවීම තිබුණා. අපි පක්ෂයක් විදිහට තීන්දුව ගත්තේ එදා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රටේ ජනාධිපතිතුමා විය යුතුයි, තිබුණු ආණ්ඩුව වෙනස් විය යුතුයි කියලා. විශේෂයෙන්ම රටට අලුත් ගමනක් යාමේ අවශ්‍යතාවය නිසයි. ඒ නිසයි අපි බලාපොරොත්තු වෙන්නේ ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයත් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට විශිෂ්ට ජයග්‍රහණයක් පාර්ලිමේන්තුවේ බලය ලබාදෙන්න තුනෙන් දෙකක, පක්ෂයක් විදිහට අපි ඒ සන්ධාන ගතවන පුළුල් දේශපාලන අරමුණ තුළ යහපත් රටක් ගොඩනැගීමේ පවිත්‍ර චේතනාවෙන්.

Related posts

උසස් පෙළ ප්‍රායෝගික පරීක්ෂණ ආරම්භ වේ.

Admin

“රාජපක්ෂ එලෙව්වේ අපේ න්‍යායපත්‍රයෙන්” ඇමරිකාව කියන කතාව ජවිපෙත් කියයි

colombotoday

කල් ඉකුත් වූ ‘කෝස්ටික් සෝඩා’ තොගයක් වටලයි.

Admin

අඩු ආදායම් ලබන්නන්ගේ සහන තවදුරටත් වැඩි කිරීම ජුලි මාසයේ

Admin

හොඳම ක්‍රීඩිකාව නාම යෝජනා ප්‍රකාශයට ඇතුලත් වූ ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව

Admin

පාඩු පිට පාඩු ලබන තෙල් සංස්ථාවෙන් ඇමති දෙපළට කෝටි 6ක වාහන 2ක්

colombotoday