Colombo Today Local News

ජනතා විරොධයට ජනපති හිස නමයි… සුධර්මන් රදලියගොඩ ITN තනතුරෙන් වහාම ඉවත් කරයි !

පසුගිය දෙසැම්බර් 27 වනදා ස්වාධීන රූපවාහිනී සේවයේ (ITN) නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි වරයෙකු වශයෙන්, ප්‍රවෘත්ති හා කාලීන සිදුවීම් අංශයේ ප්‍රධානී ලෙස වැඩභාර ගනුලැබූ සුධර්මන් රඳලියගොඩ එම තනතුරෙන් වහාම ඉවත්කරන ලෙස ජනාධිපතිවරයා විසින් අදාළ අමාත්‍යංශය හරහා ස්වාධීන රූපවාහිනී සේවයේ සභාපතිවරයාට දැනුම්දී ඇතැයි වාර්තා වනවා.

අබලි යකඩ සම්බන්ධ ගනුදෙනුවක් පිළිබඳව සුදර්මන් රදලියගොඩ මහතාට එරෙහිව අධිකරණය හමුවේ නඩුකටයුත්තක්ද පැවති අතර එවන් තත්වයක් යටතේ ඔහුව මෙම තනතුරට පත්කිරීම බොහෝ දෙනෙකුගේ විවේචනයට ලක්විය.

සුධර්මන් රදලියගොඩ මහතා ස්වාධීන රූපවාහිනී සේවයේ ප්‍රවෘත්ති සහ කාලීන සිදුවීම් අංශයේ ප්‍රධානියා වශයෙන් පතිකිරීම හරහා ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති පිළිබඳව මහජනතාව තුල ඇති විශ්වාසය කඩ වීමකට ලක්වනු ඇති බවට ජනාධිපතිවරයාගේ උපදේශක මණ්ඩලය විසින් ඒ මහතා දැනුවත් කිරීමෙන් පසුව ඔහු මෙම තීරණයට එළඹ ඇති බවයි වාර්තා වන්නේ.

Related posts

මගේ OIC පත් කලේ නෑ. පොලීසිය දේශපාලනීකරණය කරන්න බෑ. – ජනපති ඉදිරියේ දී ඇමති වීරසේකර සමග ගැටුණු ඇමති

colombotoday

මට්ටක්කුලියෙන් බෝම්බ 21ක් සොයාගනී…

colombotoday

මිල ප්‍රදර්ශනය කරන ත්‍රිරෝද රථවලට වෙනම ඉන්ධන කෝටාවක්

colombotoday

ශ්‍රීලනිප ය විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් කැඳවයි

colombotoday

බදු නොගෙවා බියර් ආනයනයට “ලයන් බියර්“ සමාගමට අවසර

colombotoday

“ශාසනාරක්ෂක සභාව රැස්වෙයි“ සියළුම ජාතික සංවිධාන 19 නුවරට !

colombotoday