Colombo Today Local News

වැලිකඩ රිය අනතුර ගැන දුරකතන අංක 20 ක විශ්ලේෂණ වාර්තාවක් ඉල්ලයි

වැලිකඩ ප්‍රදේශයේදී රිය අනතුරක් සිදුකිරීමේ සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සම්බන්ධයෙන් වන විමර්ශනයේදී දුරකතන අංක 20ක් සම්බන්ධයෙන් විශ්ලේෂණ වාර්තාවක් කැඳවීමට කොළඹ අතිරේඛ මහේස්ත්‍රාත් කාංචනා නෙරංජලා ද සිල්වා මහත්මිය අද(16) නියෝගයක් නිකුත් කළාය.
 
කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින් අතිරේඛ මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කළාය.
 
මෙම සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අද(16) අධිකරණය හමුවේ පෙනී සිටියේය.
 
ඉකුත් සිකුරාදා දිනයේදී මෙම සිද්ධියට අදාළව හිටපු අමාත්‍යවරයාගේ සහ ඔහුගේ  රියැදුරු දිලුම් තුසිත කුමාර යන අයගේ  විදෙස් ගමන් තහනම් කරන නියෝගයක් ද අධිකරණය නිකුත් කර තිබුණි.

Related posts

උඩරට මාර්ග රැසකට පස් කඳු කඩා වැටෙයි

Admin

තුර්කි ගුවන් යානයක් කටුනායක ගුවන්තොටුපොළේදී අනතුරකට

colombotoday

පොලිස්පතිවරයාගේ හැසිරීම අවුල්.

colombotoday

පාඩු පිට පාඩු ලබන තෙල් සංස්ථාවෙන් ඇමති දෙපළට කෝටි 6ක වාහන 2ක්

colombotoday

විජයකලා නිදහස් කරන්න නියෝග

Admin

මේ කැබිනට් සංශෝධනය විහිලුවක්.. මිනිස්සු ගල් ගහයිද දන්නෑ – රාජ්‍ය ඇමති වසන්ත කියයි

colombotoday