Colombo Today Local News

තිරිගු පිටි මිල රුපියල් 8 කින් වැඩි කිරීමට සූදානම් වීම නිසා තිරිගු පිටි හිගයක්!

තිරිගු පිටි මිල රුපියල් 8 කින් වැඩි කිරීමට සූදානම් වීම නිසා තිරිගු පිටි හිගයක් ඇතිවී තිබෙන බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා පවසනවා.

ඒ මහතා නිකුත්කර ඇති මාධ්‍ය නිවේදනය….

පාරිභෝගික කටයුතු අධිකාරියේ නිසි අවසරයකින් තොරව නැවත වතාවක් තිරිගුපිටි මිල රුපියල් 8 කින් වැඩි කිරීමට සමාගම් කටයුතු කරමින් සිටින බවට අප සංවිධානය වෙත වාර්තා වී ඇත. ඉතාම සූක්ෂම ලෙස හොර රහසේ මෙසේ තිරිගු පිටි මිල වැඩි කීරීමට කටයුතු කිරීම නිසා මේ වන විට දිවයින පුරා තිරිගු පිටි හිගයක් ඇති වී තිබේ. පිටි බෙදා හරිනු ලබන අලෙවි නියෝජිතයින්ගේ පරිඝණක ජාල මේවන විට අක්‍රීය කර ඇති නිසා තොග වෙළදුන්ට තිරිගු පිටි ඇනවුම් කිරීමට නොහැකි වී ඇති බවද අප කල සොයා බැලීමකදී තහවුරු විය.

කෙසේ වෙතත් පවතින නීති අනුව තිරිගු පිටි කිලෝ එකක් අලෙවි කල හැක්කේ රුපියල් 87 ක මිලකට වන අතර එම මිලට වඩා වැඩි මිලකට අලෙවි කරනු ලබන කඩහිමියන් හට නීතිය ක්‍රියාත්මක කරන ලෙස පාරිභෝගික අධිකාරියෙන් ඉල්ලා සිටිමු.

ස්තුතියි
මෙයට විශ්වාසී,

රංජිත් විතානගේ- සභාපති – පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය

Related posts

“විග්නේෂ්වරන් ජාතිවාදී සුනඛයෙක්… වහාම බැද දමනු“ – දයාසිරි ජයසේකර

colombotoday

ඇමති ගෝලයෙකුගෙන් බලපෑම්.. පාරිභෝගික අධිකාරිය, පාරිභෝගික පැමිණිලි විභාග කිරීම නවතයි

colombotoday

සිමෙන්ති මිල රුපියල් 350කින් ඉහළ යයි

Admin

විමල්ට අදත් ඇප නොලැබෙයි.. නැවතත් රිමාන්ඩ් !!

colombotoday

ගොවියන්ටත් ඩොලර් ලැබෙන වැඩක් අරඹයි

Admin

යහපාලනය ඇඟට දැනෙන්නේ නෑ.. ඡන්දෙ පැරදුණු අය ජ්‍යෙෂ්ඨ ඇමති.. මම රාජ්‍ය ඇමති.. මටත් ප්‍රශ්න

colombotoday